ශ්‍රී ලංකාවේ විදේශීය විනිසුරුවන් පත්කිරීමට SJB විරුද්ධයි

ශ්‍රී ලංකාවේ විදේශීය විනිසුරුවන් පත්කිරීමට එස්.ජේ.බී. විරුද්ධ වන බව ද දේශීය යාන්ත්‍රණයක් තුළින් ශ්‍රී ලංකාවට තමන්ගේම ප්‍රශ්න විසඳා ගත හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

“අපට විදේශ රටවලින් උපදෙස් අවශ්‍ය නැහැ,” ඔහු අද පාර්ලිමේන්තුවේදී මේ ගැන අදහස් දක්වමින් පැවසුවේය. කෙසේ වෙතත්, දේශීය යාන්ත්‍රණය ජාත්‍යන්තර ප්‍රජාවට පිළිගත හැකි බව ඔහු තරයේ කියා සිටියේය.

ශ්‍රී ලංකාව පිළිබඳ තවත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාගත නොකිරීමට රජය සමඟ කටයුතු කිරීමට ද ඔහු ඉදිරිපත් විය. උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටළු වලට ඇහුම්කන් දෙන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ (එල්එල්ආර්සී) නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසද ප්‍රේමදාස ඉල්ලා සිටියේය.

ජිනීවා යෝජනාව පිළිබඳ ස්ථාවරය කුමක්දැයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කල විමසීමකටද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිචාර දක්වමින් පැවසුවේ පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද ලක්ෂ 69ක් ලැබුනද තමාට ඡන්ද ලක්ෂ 55ක් හා ඡන්දය භාවිතා නොකළ පිරිස ලක්ෂ 27ක් බැවින් දිනේෂ් ගුණවර්ධන මහතාගේ ගණනයට අනුව ජනාධිපති විය යුත්තේ තමන් බවයි.

රට තුළ අන්තවාදය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රථිපලයක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට එරෙහි ඡන්දය රජයට අහිමි වූ බව ඔහු කියා සිටියේය. කෙසේ වෙතත්, විපක්ෂ නායකවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ දේශීය කටයුතුවලට ඇඟිලි ගැසීම එස්.ජේ.බී. අනුමත නොකරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.