ශ‍්‍රී ලංකාවේ කොකා – කෝලා සමාගම පරිභෝජනය කරන ජලයට වඩා වැඩියෙන් නැවත පරිසරයට ලබාදෙමින් ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජනතාවට වැඩි ජල පහසුකම් සපයයි

පාරිසරික, සාමාජීය සහ සංස්කෘතිකමය වශයෙන් ජනතාව ජලය කෙරෙහි දක්වන වටිනාකම පිළිබ`දව අවධානය යොමු කරමින්, “ජලය අගයමු” යන තේමාව යටතේ මෙවර ලෝක ජල දිනය පසුගිය 22 වැනිදා සමරනු ලැබීය. තිරසර සංවර්ධන අරමුණු 6; සැමට ජලය හා සනීපාරක්ෂක පහසුකම් ලබාදීම සහ එහි තිරසර කළමනාකරණය තහවුරු කිරීම, කොකා – කෝලා විසින් ක‍්‍රියාවට නංවනු ලබන ජලාශ ප‍්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘති මගින් මනාව පිළිඹිබු කර තිබේ.

දීර්ඝ කාලීන වශයෙන් කොකා – කෝලා ව්‍යාපාරය සාර්ථක කරගැනීමටත් ප‍්‍රජාවගේ සෞඛ්‍යයටත් ජලය යනු ඉතා ප‍්‍රමුඛතම සාධකයකි. එබැවින් ජනතාව වෙනුවෙන් ජල සුරක්ෂිතතාව තහවුරු කර ජල සම්පත් ආරක්ෂා කිරීමත්, ඊට ගරු කිරීමත් කොකා-කෝලා සමාගම පියවර ගෙන තිබේ.

ගෝලීය වශයෙන්, සිය නිෂ්පාදන කටයුතු සඳහා යොදාගන්නා ජලය 100% ක් නැවත ජනතාව සහ සොබාදහම වෙත ලබාදීමට කොකා – කෝලා සමාගම ප‍්‍රතිඥා ලබා දී ඇත. ශ‍්‍රී ලංකාව තුළ 203% ක් ලෙස ජලය නැවත ලබාදීම තුළින්, මෙම ඉලක්කය ඉක්මවා යමින් සමාගම සිය පොරොන්දුව ඉටු කර තිබේ. මෙමගින් පැහැදිලි වන්නේ, කොකා – කෝලා සමාගම බීම නිෂ්පාදය සඳහා යොදා ගන්නා සෑම ජලය ලීටරයක් වෙනුවෙන් ලීටර් 2ක්, දේශීය ජල ව්‍යාපෘති හරහා, මෙරට ජනතාව සහ සොබාදහම වෙනුවෙන් නැවත ලබා දෙන බවයි.

මේ පිළිබඳව පැහැදිලි කරමින් කොකා – කෝලා බෙවරේජස් ශ‍්‍රී ලංකා ලිමිටඞ් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ මයන්ක් අරෝරා මහතා මෙසේ පැවසීය. “අපගේ බීම වර්ග නිෂ්පාදනය සඳහා යොදාගන්නා ජලය 100% ක් නැවත ලබාදීමේ ඉලක්කයක් අපට තිබෙනවා. අද අපි මේ ඉලක්කය සම්පූර්ණ කළා. එපමණක් නොවේ, අපි එම ඉලක්කය අභිබවා යමින් නිරිතදිග ආසියානු කලාපය තුළ මෙම මෙහෙයුම සාර්ථක කරගත් පළමු කොකා – කෝලා සමාගම බවට ද පත්ව තිබෙනවා. ජල කළමනාකාරිත්වය යනු අපගේ අවධානය යොමු වන ප‍්‍රධානතම අංශයක්. ප‍්‍රාදේශීය වශයෙන් බලපාන සහ එමගින් දිවයින පුරා ප‍්‍රජාව සවිබල ගන්වන, සුරක්ෂිත ජලය ලබාගැනීමේ හැකියාව සහ ජල සංචිතවලින් පෝෂිත ප‍්‍රදේශ ආරක්ෂා කිරීම ඇතුළු ජලය ආශ‍්‍රිත බරපතල ගැටලු විස`දන මෙම සත්කාරය අඛණ්ඩව දියත් කිරීමට අපි බලාපොරොත්තු වන බව මේ ලෝක ජල දිනයේදී මම ප‍්‍රකාශ කරන්න කැමතියි.”

ජල පහසුකම් සලසා දීම වත්මන් රජයේ න්‍යාය පත‍්‍රයේ ඉදිරියෙන් ම තිබෙන්නකි. ජලය යනු මූලික ජාතික ප‍්‍රමුඛතාවක් වන බැවින් 2020 වසරේදී දිවයින පුරා වැව් 5,000ක් ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා උපදෙස් දෙන ලදී. මෙම ජාතික මගපෙන්වීම අනුව යමින් ශ‍්‍රී ලංකාවේ කොකා – කෝලා සමාගම, අනුරාධපුරයේ We Effect ආයතනය සහ මොණරාගල දිස්ත්රීක්කයේ ACTED ආයතනය වන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සමග සහයෝගිත්වයෙන්, ඓතිහාසික වැව් ප‍්‍රතිසංස්කරණය කර, ඒවායේ ජල ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති ආරම්භ කරන ලදී. එම ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ආයතන දෙකම ග‍්‍රාමීය ප‍්‍රජාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් කැප වී කටයුතු කර ඇති බව සනාථ කර තිබේ.

සාමාජීය, පාරිසරික තිරසර සහ ආර්ථිකමය වශයෙන් ප‍්‍රතිලාභ හිමිවන අයුරින්, සමාගම ක‍්‍රියාත්මක කරන වගකිවයුතු සැලසුමකට අනුව ජල කළමනාකරණය පිළිබඳව අදහස් දක්වමින් කොකා – කෝලා සමාගමේ ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින් සඳහා වන කළමනාකරණ අධ්‍යක්ෂ පන්කජ් සිං මහතා මෙසේ පැවසීය. “අපගේ ජල කළමනාකරණ වැඩසටහන මගින් අරමුණු කරන්නේ, ජලය යනු හවුල් සම්පතක් වන බැවින් ඊට ගරු කිරීමයි. අපි තිරසර සංවර්ධන අරමුණු වලට සහාය දක්වන අතර ශ‍්‍රී ලාංකික ජනතාවට සුරක්ෂිත සහ වැඩිදියුණු කරන ලද ජල පහසුකම් වෙත ප‍්‍රවේශ වීමට අවස්ථාව උදා කරලීමට අපි සහාය ලබාදෙනවා. ශ‍්‍රී ලංකාවේ කොකා – කෝලා සමාගම පරිභෝජනය කරන ජලයට වඩා වැඩියෙන් නැවත පරිසරයට ලබාදීම සිදු කෙරුනේ එක් විශේෂ වසරකයි. එනම්, ශ‍්‍රී ලංකාවේ කොකා – කෝලා සමාගම සිය 60 වැනි සංවත්සරය සමරන ලද වසරයි. ජල සම්පත් වඩා හො`දින් කළමනාකරණය කරගැනීම සඳහා ප‍්‍රදේශවාසී ජනතාවට නිරන්තරයෙන් අපගේ සහාය ලබාදෙනවා.”

We Effect ආයතනය විසින් අනුරාධපුර, තම්මැන්නාව ප‍්‍රදේශයේ පෞරාණික ජලාශ දෙකක් ප‍්‍රතිසංස්කරණය කර ඇති අතර එමගින් වසරකට ප‍්‍රතිස්ථාපනය වන ජලය ප‍්‍රමාණය ලීටර මිලියන 275කි. මෙම පෞරාණික ජලාශ දෙක ප‍්‍රතිසංස්කරණය කිරීම මගින් කුඹුරු සහ ගෙවතු වගාව යන දෙකොටසෙහිම වගා කර නොමැති ඉඩම් අස්වැද්දීමට හැකියාව ලැබී ඇති අතර එමගින් යල සහ මහ කන්න දෙකෙන් ම පෙරට වඩා දෙගුණයක් ආදායම් ලැබීමට ද තම්මැන්නාව ගමේ ගොවි ජනතාවට හැකියාව ලැබී ඇත. ව්‍යාපෘතියේ කොටසක් වශයෙන්, ජල පිරිපහදු පද්ධතියක් (Reverse Osmosis) ද ප‍්‍රදේශයට ලබාදී ඇති අතර එමගින් ප‍්‍රදේශවාසීන්ට පිරිසිදු පානීය ජලය ලබාගැනීමට හැකියාව ඇත. ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද Best Corporate Citizen Sustainability Awards 2020 (විශිෂ්ටතම ආයතනික තිරසර සම්මාන උළෙල) සම්මාන උළෙලේදී, මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් කොකා – කෝලා බෙවරේජස් ශ‍්‍රී ලංකා ලිමිටඞ් වෙත විශිෂ්ටතම තිරසර ව්‍යාපෘතිය සඳහා වන එක් සම්මානයක් හිමි විය.

ජලය සහ ග‍්‍රාමීය ජනතාව අතර ඇත්තේ ඉතා ගැඹුරු බැඳීමකි. ඊට හේතුව ඔවුන්ගේ ජීවනෝපාය පෝෂණය කරන්නේත්, වඩා යහපත් හෙට දිනයක බලාපොරොත්තු සවිබල ගන්වන්නේත් ජලයයි. එලෙස මොණරාගල, ගලහිටිය ගම්මානයේ කෘෂිකාර්මික කටයුතු සඳහාත්, කාන්තාවන්ගේ ජීවනෝපාය කටයුතු සඳහාත් ජලය ලබාගැනීමේ හැකියාව ඉතා වැදගත් කරුණකි. ACTED ආයතනය විසින් ගලහිටිය සමෘද්ධි වැව ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් හා ජල පොම්ප සපයා දීමෙන්, ප‍්‍රදේශයේ නිවාස 400කට සහ ගොවීන් 1,700ක් පමණ දෙනාට ප‍්‍රතිලාභ සලසා දී තිබේ. මෙම ව්‍යාපෘතියේ ප‍්‍රතිඵලයක් වශයෙන් වියලි දේශගුණ තත්ත්වයේදී මෙන්ම වැසි කාලයේදී ද අමතර අක්කර 100ක පමණ භූමි ප‍්‍රමාණයක වී වගා කිරීමට හැකියාව ලැබෙන අතර, බඩඉරිඟු, ඇට වර්ග සහ එළවළු වගා කිරීමට අක්කර 150ක් ද ලැබී ඇත. වසරකට ලීටර් මිලියන 100ක ජල ධාරිතාවක් ලබාදීමේ හැකියාවක් මෙම ව්‍යාපෘතිය සතු වේ.

සිය ජල කළමනාකරණ ව්‍යාපෘතියෙන් අඩු වරප‍්‍රසාද හිමි ජනතාවට සැලසෙන සුභසිද්ධිය නිසා වඩා ධෛර්යයට පත් කොකා – කෝලා සමාගම, සොබාදහමටත් ජනතාවටත් වැඩි වැඩියෙන් ජලය නැවත ලබාදීමේ මෙවැනි ජලාශ ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.