මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රා 05ක් සමඟ ඉන්දීය ජාතිකයින් 54ක් නාවික හමුදා විසින් අත්අඩංගුට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවඊයේ (24) වන දින රාත්‍රියේ ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
විදෙස් ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවට සිදු වන බලපෑම සැළකිල්ලට ගනිමින් සහ මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීමේ අරමුණින්, ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව තුළ සිදු කරන නීති විරෝධී හා අනවසර ධීවර කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර මුර සංචාර සිදු කරනු ලබයි.
ඒ අනුව නාවික විධානය මගින් යාපනය,මන්නාරම,මුලතිව්, ආසන්නයෙන් නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රා සමග අත්අඩංගුවට ගෙන තිබුණි.
කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුම් මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා සහ ඉන්දීය ජාතිකයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ අංශයන් වෙත භාරදී ඇත.