කුවේට් සිට පැමිණ බෙන්තොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක නිරෝධායන වෙමින් සිටී අයෙකුට යුද හමුදා නිලධාරියකු විසින් සිදුකළ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය සහ බෙන්තොට පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි යුද හමුදාව පවසයි.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ එම පුද්ගලයා බිමත්ව අශෝබන ලෙස හැසිරීමත් නිරෝධායන නීති උල්ලංඝනය කිරීමත් හේතුවෙන් යම් සිදු වීමක් ඇති වී තිබෙන බවයි.
මෙම පහර කෑමට ලක් වූ පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කර ඇතැයි පැවසු මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතාමේ සම්බන්ධයෙන් විදිමත් විමර්ෂණයක් ද ආරම්භ කර ඇතැයි ඔහු පවසයි.
වාරියපොල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයාට යුද හමුදා නිලධාරියකු විසින් සිදුකළ බව කියන පහරදීමක් හේතුවෙන් එම පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි නාගොඩ රෝහල් පොලිසිය පවසයි.
මෙලෙස පහර කෑමකට ලක් ඇතැයි කියන සම්පත් එදිරිසිංහ නැමැති පුද්ගලයා පසුගිය 15 වැනිදා කුවේට් සිට මෙරටට පැමිණි කණ්ඩායමක අයෙකු වන අතර එම සංචාරක හෝටලයේ නිරෝධායන මධ්‍යස්ථානය භාරව සිටින ගාල්ල ප්‍රදේශයේ හමුදා කඳවුර කින් පැමිණ ඇති නිලධාරියකු මෙම පහරදීම සිදු කර ඇතැයි පැවසේ .
නිරෝධායනයවෙමින් සිටී එම පුද්ගලයා ඊට අදාළ ගාස්තු වශයෙන් රුපියල් දෙලක්ෂ අනු දහසක මුදලක් එම හෝටලයට ගෙවා ඇති බවත් එහිදී සේවා සැපයීමේදී සිදුවී තිබෙන අඩුපාඩු සම්බන්ධයෙන් ඇති වූ කතා බහක් මෙම පහර කෑමට හේතු වී ඇතැයි සඳහන් කරයි .
එම පහර කෑමට ලක්වූ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයාගේ එක් කන්බෙරය එකට මෙයින් හානි සිදුවී ඇතැයි ඔහු පරික්ෂා කළ වෛද්‍යවරුන් නිගමනය කර ඇතැයි රෝහල් ප්‍රකාශකයා සඳහන් කළහ .
කළුතර නාගොඩ රෝහලේ 17 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටීන එම පුද්ගලයා ගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ඇතැයි කළුතර නාගොඩ මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය තඹර කළුබෝවිල මහතා ගෙන් කළ විමසීමේදී පැවසීය.