කොළඹ අගරදගුරු පදවියට අයත් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි සියලුම කතෝලික පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් අප්‍රේල් 05වැනි සඳුදා විවෘත ආරම්භ කිරීමට තීරණයකර තිබේ.
5, 11 සහ 13 ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණි මෙලෙස ආරම්භ වේ.
බස්නාහිර පළාතේ සියලුම ශ්‍රේණි සඳහා මාර්තු 29 වන දින පාසල් විවෘත කිරීමට රජය ඊයේ දිනයේ නිවේදනයක් නිකුත් කළේය.
අගරදගුරු පදවිය තුළ සියලු කතෝලික පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් එදින විවෘත නොකරන අතර එම පාසල් නැවත විවෘත කරනු ලබන්නේ අප්‍රේල් මස 05 වැනි සඳුදා දින වේ.