ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙට (25) දිනය ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත.
හෙට දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයේ සුරාසැල් සහ මාංශ අලෙවිසැල් වසා තැබිය යුතු වන අතර අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව හෙට (25) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතය.
ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණද එය නිවාඩු දිනයක් නොවන බැවින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කාර්යාල කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවයි රජය දැනුම් දෙයි.