සිංහරාජ වන රක්ෂිතයේ වන විනාශය පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් රජය ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කිරීමට සුදානම් වේ.
කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රම්බුක්වැල්ල මහතා අද මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ඉදිරි සති දෙක ඇතුළත රජය මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන බවය.
එවිට චෝදනා පිටුපස ඇති සත්‍යතාව හෙළි වනු ඇතැයි ද අමාත්‍යවරයා සහතික විය. කෙසේ වෙතත්, සිංහරාජයෙහි වන විනාශය පිළිබඳ චෝදනා පිටුපස ඇති සත්‍යය රජය විසින් සිය විමර්ශනය මගින් හෙළි කරන බව ඔහු පැවසීය.
මේ අතර දැරණියගල, දෙල්ඔළුව ප්‍රදේශයේ පස්කැපීම නතර කරන ලෙස අධිකරණ නියෝගයක් ලබා දී ඇති ඉඩමක පස්කැපීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව විරෝධය පළ කර තිබේ. පස්කැපීම සඳහා පැමිණ තිබු ටිපර් රථය මාර්ගය හරහා නතර මාර්ගය අවහිර කරමින් ජනතාව විරෝධය පළ කිරීමත් සමග එම ස්ථානයට දැරණියගල පොලීසිය පැමිණ ඇත.
පසුව පස්කැපීම සිදුකළ පුද්ගලයින්ගෙන් ඒ සඳහා අවසරය තිබේ දැයි විමසීමේ දී ඔවුන්ට කිසිදු අවසර පත්‍රයක් නොමැති බව අනාවරණය වීමත් සමග ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අනවරසරයෙන් පස්කැපීමට විරෝධය පළ කරමින් ඊයේ (23) දිනයේ දීත් දැරණියගල, කඳුමැද නුවර තරුණ එකමුතුව විසින් උද්ඝෝෂණයක් ද පැවැත්විය.