ටයර් පරීක්ෂා කිරීම තාවකාලිකව අත්හිටුවයි

රථ වාහනවල ටයර් පරීක්ෂා කිරිමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සදහන් කරයි.

අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.

ටයර් ආනයනයට රජය සීමා පැනවීමත් සමග වෙළෙඳපොළේ ටයර්වල මිල වැඩිවීමක් සහ හිඟයක් වාර්තා වීම නිසා ගෙවීගිය ටයර් භාවිත කරමින් ධාවනය කෙරෙන රථවාහන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුම තාවකාලිකව නතර කර ඇත.

පෙරේදා (22) පොලිසිය විසින් ආරම්භ මෙහෙයුම පෙරේදා මෙන්ම ඊයේ දිනයේත් දිවයිනේ ස්ථාන කිහිපයකම සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.