පාතාල කල්ලි සාමාජිකයකු වන කපුටා නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. නිවාස කොල්ලකෑම සහ මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා පොලීසියට අවශ්‍ය වී සිටි පුද්ගලයෙකි.
නිට්ටඹුව, වතුපිටිවල, අත්තනගල්ල වැනි ප්‍රදේශවල නිවාස කොල්ලකෑමේ සිද්ධි රැසකට මෙම පුද්ගලයා සම්බන්ධ බව පොලීසිය සඳහන් කළා. සොරාගන්නා භාණ්ඩ අලෙවි කිරීමෙන් සහ උකස් කිරීමෙන් ලබා ගන්නා මුදල් ඔහු මත්කුඩු පානය සඳහා භාවිත කර ඇති බවයි විමර්ශනවලදී හෙළි වී ඇත. කපුටා නැමැති මෙම සැකකරු සොරාගත් රුපියල් ලක්ෂ 05 ක පමණ භාණ්ඩ නිටට්ඹුව පොලීසිය සොයා ගෙන තිබේ.
එමෙන්ම පසුගිය මාර්තු 18 වන දින ඩුබායි සිට මෙරටට රැගෙන විත් තිබු මෘත ශරීරය අපරාධකරුවෙකු ලෙස චෝදනා එල්ල වන රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුශාන් හෙවත් කෙසෙල්වත්තේ දිනුකගේ බව තහවුරු වු බව පොලීසිය පවසයි.
අදාළ මෘත ශරීරය සම්බන්ධයෙන් කටුනායක පොලීසියට ලද තොරතුරු මත පරීක්ෂණ පවත්වා ඇති අතර, එහිදී පොලීසිය විසින් ලබාගත් අධිකරණ නියෝගයක් මත මීගමුව මෘත ශරීරාගාරයේ තබා වැඩිදුර පරීක්ෂණ පැවැත් වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඔහුගේ අනන්‍යතාවය ඔහුගේ මවගේ ඩීඑන්ඒ ඔස්සේ සිදුකළ පරීක්ෂණවලදී තහවුරු විය. ඒ අනුව මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (24) දින සිදුකළ බවත්, අධිකරණ නියෝග මත මෘත ශරීරය “කෙසෙල්වත්තේ දිනුක“ගේ බිරිඳට භාර දීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මීගමුවේ සුසාන භූමියක දී අද සවස දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය