ලොව අනෙකුත් රටවල පෙර පැවති තත්වයට වඩා කොරෝනා වෛරසය ව්‍යාප්තිය අඩු වීමක් පෙන්නුම් කළ ද බ්‍රසීලයේ එය තවදුරටත් ශීඝ්‍ර ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.
ඉකුත් පැය 24 තුළ බ්‍රසීලයේ කොරෝනා මරණ 3,158ක වාර්තාගත සංඛ්‍යාවක් සිදු වෙමින් ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වේ. බ්‍රසීලයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ 98,000 ඉක්මවා ගොස් ඇත.
එන්නත්කරණ ක්‍රියාවලියේ දුර්වලතා සහ බලධාරීන්ගේ නොසැලකිලිමත් බව මීට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. අද වන විට ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දොළොස්කෝටි 47 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ලොව පුරා මෙතෙක් සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 27 ලක්ෂයකට අධිකයි.
ඉතාලිය, ප්‍රංශය හා සමානව ජර්මනියේ ද පනවා තිබූ සෞඛ්‍ය හා සංචරණ සීමා ඉදිරි සති තුනක කාලයක් සදහා දීර්ඝ කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇත. පාස්කු උත්සව ආරම්භවන අප්‍රේල් පළමුවැනිදා සිට පස්වැනිදා දක්වා සංචරණ සීමා කරන බව ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.