මරදාන ගින්නකින් එක් අයෙක් මරුට

මරදාන සංඝරාජ මාවතේ ආපනශාලාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මුලුතැන්ගෙයි ගෑස් ටැංකියේ පිපිරිමක් හේතුවෙන් මෙම ගින්න හට ගෙන ඇති බවට පොලිසිය සැක පල කරන අතර ඇති වු ගින්නෙන් එම මොහොතේ මුලුතැන්ගෙයි සිටි අයෙක් එම ස්ථානයේම මිය ගොස් ඇත.

මිය ගිය පුද්ගලයා අවුරුදු 46 ක, බලපිටිය ප්‍රදේශයේ පදිංචි කරැවෙකි.

ගින්න පාලනය කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුකෙරෙමින් පවතින අතර ඒ සඳහා ගිනි නිවීමේ රථ 5ක් පමණ යොදවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.