එ.ජා.මානව හිමකම් කොමිසමේ රටවල් බෙදුනේ මෙහෙමයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කර තිබූ යෝජනාව වැඩි ඡුන්දයෙන් සම්මත විය.

ඡන්දය දීම සඳහා රටවල් 47 ක් සුදුසුකම් ලබා තිබු අතර යෝජනාවට පක්‍ෂව රටවල් 22ක් ඡන්දය ලබා දී තිබේ.

මෙහිදී යෝජනාවට විරුද්දව ලංකාව සමග ඡන්දය භාවිත කලේ රටවල් 11ක් වන අතර ඡන්දය දීමෙන් වැලකී සිටි රටවල් ගණන 15කි.

මෙම ඡන්ද විමසීමේදී චීනය ශ්‍රී ලංකාවට පක්ෂව කටයුතු කළ අතර ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් මෙවර සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවාය.

මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් යුද අපරාධ විමර්ශනය, වත්කම් අත්හිටුවීම, සංචාරක තහනම ඇතුළු සම්බාධක එම වාර්තාව මගින් නිර්දේශකර තිබේ.

ඊට අමතරව රාජ්‍ය යාන්ත්‍රණයට විශ්‍රාමික හමුදා නිලධාරීන් නිරතකරවීම, 19 සංශෝධනය වැනි ව්‍යවස්ථාමය ආරක්ෂන විධිවිධාන ඉවත්කිරීම, කෝවිඩ් – 19 වසංගතයෙන් මියගිය පුද්ගලයින් ආදාහනය කිරීමේ දි මානව හිමිකම් සීමා කිරීම මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවට ඇතුළත් තවත් කරුණු කිහිපයකි.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය යන තේමාව මුලික කරගත් යෝජනාවක් මෙවර එක්සත් ජාතීන්ගේ 46 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරය එක්සත් රාජධානීය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ සහ මලාවි යන රාජ්‍යයන් විසින් ගෙන එනු ලැබීය.

ඡන්ද විමසීමට පෙර ශ්‍රී ලංකාව ගැන ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් විවිධ නියෝජිතවරු අදහස් දැක්වූහ.

එහිදී ඉන්දීය නියෝජිතයා පැවසුවේ සංහිඳියාව සම්බන්ධ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයෑම, දෙමළ ජනතාවගේ ගැටලු නිරාකරණය සහ ජාත්‍යන්තර ප්‍රජාව සමග ඵලදායී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව උනන්දු කරන බවය.

එසේම සියලු ම ජනතාවගේ මූලික නිදහස සහ මානුෂික අයිතිවාසිකම ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇති බව ට ඔවුන් බලාපොරොත්තු වන බව ඉන්දීය නියෝජිතයා පැවසීය.

එසේම හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වනු ඇතැයි ද ඔහු පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වැනි සැසිවාරය පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ පැවැත් වුණේ zoom තාක්ෂණය ඔස්සේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කර තිබූ යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළ රටවල් අතර බංගලදේශය,බොලිවියාව,චීනය,කියුබාව,එරිත්‍රියාව,පකිස්ථානය,පිලිපීනය,රුසියාව,සෝමාලියාව,උස්බිකිස්ථානය,වෙනුසිලියාව යන රටවල් 11 වෙයි.

ආජර්ටිනාව,අර්මේනියාව,ඔස්ට්‍රියාව,බහමාස්,බ්‍රසීලය,බල්ගේරියාව,කොටේඩිවෝරියාව,ඩෙන්මාර්කය,චෙක් රාජ්‍ය ,ෆිජී,ප්‍රංශය,ජර්මනිය,ඉතාලිය,මලවි,මාර්ෂල් දුපත,මැක්සිකෝව,පෝලන්තය,දකුණු කොරියාව,යුක්රේනය,එංගලන්තය,උතුරු අයර්ලන්තය,උරුගුව යන රටවල් එම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

මෙහිදී බහරේන්,බරකිනා ෆාසෝ
,කැමරූන්,ගබෝන්,ඉන්දියාව,ඉන්දුනීසියාව,ජපානය,ලිබියාව,මර්ටේනියාව,නමිබියාව,නේපාලය,නෙදර්ලන්තය,සෙනගාලය,සුඩානය,ටෝගෝ යන රටවල් එම යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටිහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.