ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට ඉන්දියාව ජන්දය දිමෙන් වළකියි

අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට ඡන්දය දීමෙන් ඉන්දියාව වැළකී සිටියේය.

ජිනීවාහි ඡන්ද විමසීමට පෙර අදහස් දක්වමින් ඉන්දීය නියෝජිතයා   කියා සිටියේ මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සහ ඵලදායී ජාත්‍යන්තර සංවාදයක් සහ එක්සත් ජාතීන්ගේ  මූලධර්ම හා අරමුණු මගින් සහයෝගයෙන් කටයුතු කිරීම සහ එවැනි උත්සාහයන්ට සහයෝගය දැක්වීම සඳහා රාජ්‍යයන්ගේ මූලික වගකීම කෙරෙහි විශ්වාසය තබන බවයි.

ආසන්නතම අසල්වැසියෙකු ලෙස ඉන්දියාව 2009 න් පසු ශ්‍රී ලංකාවේ සහන, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට දායක වී ඇති බව ඉන්දීය නියෝජිතයා පැවසීය.

“අපගේ සංවර්ධන ආධාර විශේෂයෙන් ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කිරීම සහ ආර්ථික පුනර්ජීවනය කෙරෙහි අවධානය යොමු කර තිබේ” යැයි ඉන්දීය නියෝජිත කණ්ඩායම පැවසීය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නයට එහි ප්‍රවේශය මූලික කරුණු දෙකක් මගින් මෙහෙයවනු ලබන බව ඉන්දියාව පැවසීය. එකක් නම් සමානාත්මතාවය, යුක්තිය, අභිමානය සහ සාමය සඳහා ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට අප දක්වන සහයෝගයයි. අනෙක ශ්‍රී ලංකාවේ එක්සත්කම, ස්ථාවරත්වය සහ භෞමික අඛණ්ඩතාව සහතික කිරීමයි.

“මෙම අරමුණු දෙක අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගය දක්වන බව අපි සැමවිටම විශ්වාස කර ඇත්තෙමු. එම අරමුණු දෙකටම එකවර ආමන්ත්‍රණය කිරීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය වඩාත් සහතික වේ. පළාත් සභා සඳහා මැතිවරණයක් කල්තියා පැවැත්වීම ඇතුළුව සහ සියලු පළාත් සභා පලදායී ලෙස ක්‍රියාත්මක වීමට හැකිවීම සහතික කිරීම ඇතුළුව දේශපාලන අධිකාරිය බෙදා හැරීම පිළිබඳ සිය කැපවීම් ඉටු කරන ලෙස ශ්‍රී ලංකා රජය කරන ජාත්‍යන්තර ප්‍රජාවේ ඉල්ලීමට ඉන්දියාව සහාය දෙයි.

ශ්‍රී ලංකා රජය ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම, දෙමළ ප්‍රජාවගේ අභිලාෂයන් ආමන්ත්‍රණය කිරීම සහ සිය පුරවැසියන්ගේ මූලික නිදහස සහ මානව හිමිකම් පූර්ණ ලෙස ආරක්ෂා කිරීම සහතික කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ පලදායී ලෙස කටයුතු කරන ලෙස ඉන්දියාව ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.