චීනයේ වෙසෙන සුළු ජාතීන්ගේ මානව හිමිකම් කඩවන බව පවසමින් බටහිර රටවල් කිහිපයක් චීනයට එරෙහිව නව සම්බාධක පනවා ඇත.
යුරෝපා සංගමය, බ්‍රිතාන්‍ය, ඇමරිකාව හා කැනඩාව එක්ව චීනයේ ප්රමුඛ පෙලේ නිලධාරීන් හතර දෙනෙකුට මෙලෙස සම්බාධක පනවා තිබේ.
එයට ප්‍රතිචාර දක්වමින් යුරෝපා සංගමයේ නිලධාරීන් වෙත චීනය සම්බාධක පනවා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මිට ප්‍රතිචාර දක්වමින් චීනය තුළ මානව හිමිකම් කඩවන බවට පලවන චෝදනා දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවයි චීන රජය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.