චීන, සීනෝෆාම් එන්නත මෙරට ජනතාව සඳහා භාවිතා කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ උණුසුම් හුවමාරුවක් සිදුවිය.
එමෙන්ම දෙවන මාත්‍රාව සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත ද ප්‍රමාණවත් තරම් රජයට නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවට පැවසීය.
සීනෝෆාර්ම් එන්නත ජාතික ඖශධ නියාමන අධිකාරිය (එන්එම්ආර්ඒ) විසින් අනුමත නොකලද එය භාවිතා කිරීමට උත්සාහ කරන බව ඔහු කියා සිටියේය.
මෙහි ප්‍රථිපලය වූයේ රජය සහ විපක්ෂය අතර උණුසුම් වචන හුවමාරුවක් හට ගැනීමය. රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා කියා සිටියේ රජය තම ජනතාවට වඩාත් සුදුසු දේ කරන බවයි.
හොඳම එන්නත භාවිතයෙන් මහජනයාට එන්නත ලබා දීම සහතික කිරීමට පියවර ගන්නා බව ද ඔහු පැවසීය. සීනෝෆාම් එන්නත ඉවත් කර ඇත්තේ ශ්‍රී ලංකාව හා චීනය අතර මතභේදාත්මක ගනුදෙනුවක කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ චීන ජාතිකයින්ට එන්නත ලබා දීම සඳහා පමණි.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මේ සතියේ ඩේලි මිරර් පුවත්පතට පවසා තිබුණේ ජාතික ඖශධ නියාමන අධිකාරිය (එන්එම්ආර්ඒ) තමාට දැනුම් දී ඇත්තේ හදිසි එන්නත ලියාපදිංචි කිරීම අත්හැර දමා ඇති බවය.