දශක ගණනාවකට පසු ඔස්ට්‍රේලියාවට බලපෑ දරුණුතම ගංවතුර තත්වයේ හේතුවෙන් මේ වන විට දස දහස් ගණනක් ජනතාව අවතැන් වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා වෙයි.
ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක් ජනතාවට මේ වන විට කාලගුණික අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට වැඩියෙන්ම බලපෑම් එල්ල කර ඇති මෙම ගංවතුර අද දිනයේ දී තවත් බරපතල විය හැකි බව එරට බලධාරීන් අනතුරු අඟවා ඇත.
මේ වන විට ප්‍රදේශ රැසකින් 20,000කට ආසන්න පිරිසක් ඉවත් කර ඇති බව සදහන් වේ. සහන කටයුතු සඳහා මේ වන විට හමුදාව යොදවා ඇති අතර ගංවතුරට කොටුවී සිටින සතුන් බේරා ගැනීම සඳහා ද විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වේ.