කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඉකුත් සමයේ තාවකාලිකව නතර කර තිබූ ජාතික හැදුනුම්පත් එක් දින සේවාව යළිත් ආරම්භ කිරීමට කටයුතු සුදානම් කරමින් සිටින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
යම් පුද්ගලයෙකු ජාතික හැදුනුම්පත ලබාගැනීම සදහා බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ දකුණු පළාත් කාර්යාලයට පැමිණීමට අපේක්ෂා කරන්නේ නම් දිනයක් හා අංකයක් වෙන් කර ගැනීම අනිවාර්යය වේ.
ඒ සදහා සිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැදුනුම්පත් අංශයට යොමුවීමෙන් හෝ 011 5 226 126 හෝ 011 5 226 100 යන දුරකතන අංක ඇමතීමෙන් එම සේවාව ලබාගත හැකිය.