කොවිඩ් මරණ සංඛ්‍යාව 551යි

මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 551ක් දක්වා ඉහළගොස් තිබේ.

අද දිනයේ කොවිඩ්  රෝගීන් 05 දෙනෙකු මිය ගිය  බව තහවුරු කිරිමත් සමග මෙලෙස කොවිඩ් මරණ  ඉහළ ගොස් ඇත.

මෙලෙස මියගොස්  ඇත්තේ වෑඋඩ ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නුගතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,සහ ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.