සුරකිමු ගංගා වැඩසටහනට මහනුවරත් එකතු වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍ය දැක්ම” රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ ගංගා සංරක්ෂණය තුළින් ජනතාවට පිරිසිදු පානිය ජලය ලබාදෙමින්, පරිසර හා ජෛව සම්පත් ආරක්ෂා කරමින් සංචාරක ප්‍රවර්ධනය ඇති කිරීම ඉලක්ක කර ගනිමින්, අමාත්‍යාංශ 17ක සහයෝගීතාවයෙන්  ” සුරකිමු ගංගා” වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කතරගම මැණික් ගඟ අබියසදී ආරම්භ කළ අතර, ඒ හා සමගාමී මධ්‍යම පළාත් වැඩසටහන පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්ව‍යෙන් මහනුවර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  තිලක් රාජපක්ෂ සහ උදයන කිරිඳිගොඩ යන මහත්වරුන්ගේ සහ පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ කේ.පී.වැලිකන්නගේ යන මහත්වරුන්ගේ සහ ත්‍රිවිධ හමුදාවන්ගේ සහ ශ්‍රී ලංකා පොලිසියේ නියෝජනයෙන්  මහනුවර, ගන්නෝරුව මහවැලි ගඟ අබියසදී (22) පැවැත්විය.

මහනුවර දිස්ත්‍රීක්කයට අදාල වන පරිද්දෙන් මහවැලි ද්‍රෝණියත්, මාතලේ දිස්ත්‍රීක්කයට අදාල වන පරිද්දෙන් සුදු ගඟ ද්‍රෝණියත්, නුවරඑළිය දිස්ත්‍රීක්කයට අදාල වන පරිද්දෙන් කැළණි ගඟ ද්‍රෝණිය සහ මහවැලි ද්‍රෝණියේ ඉහල කොටස මෙම වැඩසටහනට යොදා ගැනීමට නියමිතව ඇති අතර,    පරිසරයට හිතැති මතු පරපුරක් බිහිකිරීම වෙනුවෙන් කුඩා කළ සිටම දරුවන්ට පරිසරය සම්බන්ධයෙන් රට සම්බන්ධයෙන් දැනුම ලබාදෙමින් ඔවුන්ගේ මනස යහපත් ආකල්පයන්ගෙන් පෝෂණය කිරීම වැදගත් වන බවත්, . මී‍ට වසර ගණනාවකට පෙර බීමට ගත හැකි මට්ටමේ ජලය ගංගා දක්නට ලැබු  නමුත් වර්තමානය වන විට එම ජල මූලාශ්‍ර මිනිසුන් විසින්ම අපද්‍රව්‍ය බැහැර කරමින් අපවිත්‍ර කර ඇති බැවින්, එවන් තත්වයක් තුල අනාගතය සදහා ජල මූලාශ්‍ර පවිත්‍රකර සුරක්ෂිත කිරීම  මෙම වැඩසටහන  මගින් බලාපොරොත්තු වන බවත් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේය. ජල සම්පත මුළු මහත් දේශයම එක ලෙස කැපවෙමින් රැකගතහොත් එය ඉදිරියේදී විදේශයන්ට අපනයනය කිරීමට පවා හැකියාවක් පවතින බවත් මෙහිදී ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.