කුරුදු සිගරැට්ටුවට ආයුර්වේදයේ අනුමැතිය නොලැබෙයි

ඉන්දික ශ්‍රී අරවින්ද

කුරුදු සිගරැට්ටුව නිෂ්පාදනය හා ආයුර්වේදය අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබා නොදෙන බවත් ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ආයුර්වේද කොමසාරිස් ජනරාල් චතුර කුමාරතුංග මහතා Colombo Gazette – Sinhala වෙත ප්‍රකාශ කළේ අදාල කුරුඳු සිගරට්ටුව නිෂ්පාදනය කළ සමාගම විසින් ඒ සඳහා අනුමැතිය ලබා දෙන ලෙස ඉල්ලා ලිපියක් ඉදිරිපත් කර ඇති බවත් එවැනි සිගරැට්ටුවක් ආයුර්වේද ඖෂදයක් ලෙස පිළිගත නොහැකි බැවින් එය භාවිතයට අවසරය ලබා නොදෙන බවයි.

එහෙත් අදාල ඉල්ලීම පිළිබඳ ලිපිය ආයුර්වේද සුත්‍ර කමිටුව හමුවට ඉදිරිපත් කළ බව ඔහු සඳහන් කරයි.

එම සිගරට්ටුව ආයුර්වේද ධුමපානය පානය ලෙස නම් කර ඇති අතර එවැනි ධුමපානයක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ නොමැති බව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද කොමසාරිස් ජනරාල් චතුර කුමාරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර මෙම කුරුදු සිගරැට්ටුව නිෂ්පාදනය කිරීමේ දී මෙරට දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත උල්ලංඝනය කර ඇතැයි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මෙම කුරුදු දුම්වැටිය නිෂ්පාදනය පසුපස දුම්කොළ කර්මාන්තය සිටින බවද ඔහු පෙන්වා දෙයි.

කුරුඳු දුම්වැටිය භාවිතය සඳහා ඉලක්ක වී ඇත්තේ මෙරට දුම් පානය නොකරන 84%ක් වන කාන්තාවන් සහ පාසල් දරුවන් බව ද ඔහු පවසයි.

මෙම කුරුදු දුම්වැටිය මගින් දුම්පානය නොකරන අයටද දුම්බීමට පෙළඹීමක් වක්‍රාකාරයෙන් සිදුකරන බවද ඔහු සඳහන් කළේය.

එනිසා මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ ආයතනවලට දැනුම් දී ඇති බවත් එහි ප්‍රතිඵල අනුව මෙම දුම්වැටියට ගැන ඉදිරියේදී පියවර ගන්නා බවත් ඔහු කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.