ටෝකියෝ ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් ප්‍රේක්ෂකයින්ට තහනම් කෙරේ

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සහ පැරා ඔලිම්පික් උළෙල සදහා ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමි නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය වසරේ මාර්තු මාසයේදීයි මෙම තරගාවලි පැවැත්වීමට නියමිතව තිබුණත් එය කොරෝනා නිසා කල් ගියේය.
කොරෝනා හේතුවෙන් පසුගිය වසරේ පැවැත්වීමට තිබූ ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් තරගාවලිය මෙම වසරේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ගෝලීය සංචාරක සීමා කිරීම් සහ වයිරසයේ විවිධ ප්‍රභේදයන් මතුවීම හේතුවෙන් මෙලෙස ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින්ට තම රටට පැමිණීමට ඉඩ නොදෙන බවයි ජපාන බලධාරීන් සදහන් කරයි.

එරට ටිකට්පත් ලබාගෙන ඇති ප්‍රේක්ෂක ජනතාව සදහා වඩා ආරක්ෂාකාරී තත්ත්වයක් ලබාදීම ඔවුන්ගේ අරමුණ වේ. 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල ජූලි මස 23 වනදා ආරම්භ වීමටත් පැරා ඔලිම්පික් උළෙල අගෝස්තු 24 වනදා සිට ආරම්භ වීමටත් නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.