රාජිත සහ චතුර CCDයට

විශේෂ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දන්වා තිබු, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරාත්න මහතා හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා එම ස්ථානයට විශේෂ ප්‍රකාශයක් ලබා සඳහා පැමිණ තිබේ.

පසුගියදා පැහැර ගැනීමට ලක්වූ බව පැවසෙන මාධ්‍යවේදී සුජීව ගමගේ මහතා චතුර සේනාරත්න මහතාගේ කාර්යාලයට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා හමුවීම සම්බන්ධයෙන් කරුණු වීමසීම සඳහා ඔවුන් දෙදෙනාට කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණි.

තමා සතුව පැවති හඬ පටයක් ලබාගැනීමේ අරමුණින් කිසියම් පිරිසක් පැමිණ පසුගිය 10 වනදා තමන් පැහැරගෙන පිළිස්සුම් තුවාල සිදුකළ බවට “සියරට“ පුවත්පතේ නිදහස් මාධ්‍යවේදියෙකු බව පැවසෙන 62 හැවිරිදි සුජීව ගමගේ මහතා පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

මෙය අසත්‍යක් බව පොලිසිය පැවසු අතර මෙම සිද්ධිය සම්බන්දයෙන් විමර්ශන තවම සිදු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.