ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම කල් යයි

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (යූඑන්එච්ආර්සී) ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම හෙට දක්වා කල් දමා ඇති බව වාර්තා වේ.

ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ජිනීවාහි නිලධාරීන් පැවසුවේ සමහර උපලේඛනගත ගැටළු හේතුවෙන් එය හෙට (අඟහරුවාදා) දක්වා කල් දමා ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ශ්‍රී ලංකාවට එරෙහි එම යෝජනා රටවල් කිහිපයක් විසින් ඉදිරිපත් කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව කරුණු ඇතුළත් කරමින් එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එම යෝජනා ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.

අද දිනයේ රටවල් මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වෙන බව වාර්තා වේ. මේ අතර එම ඡන්ද විමසීමෙන් අනතුරුව ඊට පිළිතුරු ලෙස විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ස්ථාවර ඉදිරිපත් කරනු ඇත.

කෙසේවෙතත් මීට පෙර විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ, එම ඉදිරිපත් කර ඇති චෝදනා දේශපාලන අරමුණක් සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග බවය.
මෙරට අභ්‍යන්තර කරුණු සම්බන්ධයෙන් චෝදනා කිරීම හෝ එම කරුණු සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීම ජාත්‍යන්තර පිළිගත් තත්ත්වයක් නොවන බව ද විදේශ අමාත්‍යාවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.