ගම්පහ ආසාදිතයින් 190ක්

අද පෙරවරු 6 ට අවසන් වන පැය 24 ක කාලය තුළ 190 කට අධික පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂාවක් කර ඇත.

ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 90,200 දෙනෙකු වේ. මේ වනවිට සුවය ලැබූ ආසාදිතයින් ගණන 86,759 දෙනෙකු වන අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2,895 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 546කි. ඊයේ දිනයේ දීත් ආසාදිතයින් 354ක් හඳුනාගෙන ඇති අතර, ඉන් පුද්ගලයින් 12 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ.

ඉතිරි පුද්ගලයින් 342 දෙනා දේශීය හඳුනාගෙන ඇති අතර, ඉන් වැඩිම පිරිසක් හඳුනාගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ඒ ආසාදිතයින් 197ක් ලෙසය.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 58ක් හා යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17ක් හඳුනාගෙන ඇති බවය. අනෙක් ආසාදිතයින් 70 දෙනා සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.