චීන එන්නත ලබා ගත් ඉම්රාන් ඛාන්ට, බිරිඳට කොරෝනා

පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ වන බුෂ්රා බිබීටන් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී ඇත. එමෙන්ම ඔහු චීනයේ සයිනෝෆාම් එන්නතේ ප්‍රථම මාත්‍රාව ලබාගෙන දින දෙකකට පසුව වීමත් කතා බහට ලක්ව තිබෙන අතර නමුත් සෞඛ්‍ය බලධාරින් පවසන්නේ, කොරෝනා වෛරසයට එරෙහි එන්නත් නිසියාකාරව ක්‍රියාත්මක වීමට නම් නිසි කාලසීමාවට අනුව, නිසි මාත්‍රා ප්‍රමාණයක් ලබාගත යුතු බවය.

ඉකුත් පැය 24 තුළ පකිස්තානයෙන් හඳුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,876කි. එම කාලසීමාවේ දී සිදුවූ මරණ සංඛ්‍යාව 42ක්බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.