විමල්ගේ කුරුදු සිගරැට්ටුවට දැඩි විරෝධය පළකරමින් ඉහළටත් පැමිණිලි කරයි

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා හඳුන්වා දෙනු ලැබූ කුරුදු සිගරට්ටුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කරමින් දේශපාලන ඉහළ නායකත්වයට පැමිණිලි කර ඇත.

සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ ලංකාවේ පවතින නීති අනුව කිසිදු ආකාරයකින් දුම්වැටි හෝ මද්‍යසාර ප්‍රවර්ධනය වන ආකාරයේ දැන්වීම් හෝ මාධ්‍ය සාකච්ඡා පැවැත්විය නොහැකි බවයි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යොමුකළ ලිපියේ පිටපත් අග්‍රාමාත්‍යවරයාටත්,ජනාධිපති ලේකම්වරයාටත්.දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියටත් යොමුකර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ අතර හෙළ බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියකින් සඳහන් කර ඇත්තේ රජයේම කර්මානත අමාත්‍යවරයා දුම්පානය ප්‍රවර්ධනය කරමින් මෙලෙස ක්‍රියා කිරීම මගින් රජය දුම්බීම අනුමත කරන බවයි.

හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංස හිමියන්ගේ අත්සනින් යුතු එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ සෞඛ්‍යරක්ෂිත ආයුර්වේද දූමපාන කියා සිගරට් වර්ග ලෝකයේ නොමැති බවත් සිගරැට් සියල්ල සෞඛ්‍යයට අහිතකර බවය.

දුම්කොළ හා මද්‍යාසාර අධිකාරිය මගින් මහජන මුදල් කෝටි ගණන් වියදම් කරමින් දුම්වැටි හා මද්‍යසාර නැවත්වීමට ක්‍රියා කරද්දී රජයේම කර්මානත අමාත්‍යවරයා දුම්පානය ප්‍රවර්ධනය කරමින් රටටම විහිළු සපයන්නන් ලෙස හැසිරෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.