එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මෙරටට පිටුවහල් කළ 44 හැවිරිදි ශ්‍රී ලාංකික පුද්ගලයෙකු අන්තවාදය ප්‍රචාරය කිරීමේ චෝදනාවට මාවනැල්ලේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු පසුගිය වසරේ දෙසැම්බර් මස 5 වනදා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත.
එමෙන්ම මේ වන විට අන්තවාදය ප්‍රචාරය කිරීමේ චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි තවත් අයෙකු ද ත්‍රස්ත විමර්ශන භාරයට ගෙන ඇත. එක් අයෙක් කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක් වන අතර සැකකරු මඩකලපුව පොලිසිය සිදුකළ පරීක්ෂණ කිහිපයකින් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
එම සැකකරු අන්තවාදී මත දරමින් විවිධ ක්‍රියාකාරකම්වල නිරතවී ඇත. සහරාන්ගේ සහෝදරයා වන රිල්වාන් 2018 වසරේදී බෝම්බ පිපිරවීම් අත්හදා බැලීමකට ගොස් තුවාල ලබා සිටියදී ප්‍රතිකාර කර ඇත්තේ ඊයේ අත්අඩංගුවට ගත් එම සැකකරු බව හඳුනාගෙන ඇත. මොහොමඩ් රිල්වාන් සයින්දමරුදු පිපිරීමේදී ජීවිතක්ෂයට පත්වුණි.
2018 වසරේ බෝම්බ අත්හදා බැලීමේදී තුවාල ලැබූ රිල්වාන් හෂීම් කොළඹට රැගෙන විත් ප්‍රතිකාර ලබාදීම ඇතුළු කටයුතු සිදුකර ඇත්තේ ත්‍රස්ත විමර්ශණ කොට්ඨාසය භාරයට ගත් පුද්ගලයා බව තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසයි.