අම්පාර ප්රදේශයේදි පැරෂුට් පුහුණු සැසියකදී ගුවන් හමුදා නිලධාරියෙකු මිය ගොස් ඇත.
මෙම අනතුරින් තවත් නිලධාරියෙකු තුවාල ලබා ඇති බව ගුවන් හමුදාව පවසයි.
අද උදෑසන අම්පාර කඳවුරේ පැරෂුට් පුහුණුවීමක් අතරතුර පැරෂුට් දෙකක් එකිනෙක පැටලී එම අනතුර සිදුවුණි.
මෙම අනතුර සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් විශේෂ පරීක්ෂණ කමිටුවක් පත්කර තිබේ.
මෙහිදී ස්කොඩ්න් ලීඩර් මනෝජ් පද්මතිලක මහතා ජීවිතක්ෂයට පත්වූ අතර සැරයන් පී .ඒ. කේ. සී අබේකෝන් මහතා තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබයි.