බංගලාදේශය සහ ලංකාව සමීප සම්බන්ධතා වැඩි දියුණු කරගනී

ලංකාව සහ බංගලාදේශය රටවල් දෙකේ භූගෝලීය පිහිටීම මඟින් සමුද්‍රීය, නාවික, වෙළඳාම සහ මානව වශයෙන් සමීප සම්බන්ධතා වැඩි දියුණු කරගැනීම සඳහා අවශ්‍ය තරම් අවස්ථාවන් ලබා දී ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

බංගලාදේශයේ සංචාරයක නියැලමින් සිටින අගමැති එහිදී මේ බව පැවසුවේය. එමෙන්ම බෙංගාල බොක්කෙහි “නිල් ආර්ථිකයක්” (Blue Economy) ප්‍රවර්ධනය කිරීමේ ඔබේ යෝජනාව සමුද්‍රීය කටයුතු පිළිබඳ අපගේ ප්‍රවේශය අඛණ්ඩව දිරිගැන්වීමක් බවද අගමැති එහිදී පැවසුවේය.

අගමැති සිදු කල සම්පුර්ණ කතාව මෙසේයි.
බංග්ලාදේශ වැසියන් විසින් ඓතිහාසික වශයෙන් සුවිශේෂීයයි සලකන මෙවැනි උත්සව අවස්ථාවකට සහභාගී වීම සඳහා මම අද දින බංග්ලාදේශයේ ඩකා අගනුවර වෙත පැමිණියේ ඉමහත් සතුටින්. එසේම, මටත් මගේ දූත පිරිසටත් මේ අවස්ථාවට සහභාගී වන ලෙස ආරාධනා කිරීම සම්බන්ධයෙන් ද මෙහි පැමිණීමේදී මා වෙත දැක්වූ උණුසුම් පිළිගැනීම වෙනුවෙන් ද බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා (Sheikh Hasina) මහත්මිය වෙත කෘතඥතාව පිරිනැමීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා.

කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් ඇතිවූ බොහෝ අභියෝගයන් මධ්‍යයේ වුවත් මම අද ඔබ සමඟ මෙලෙස පෞද්ගලිකව සම්බන්ධ වන්නේ ශ්‍රී ලාංකීය ජනතාවගේ සහයෝගීතාවයේ පණිවුඩය ද සමඟයි.

අපගේ රටවල් දෙක අතර මිත්‍ර සබඳතාවලට ඇත්තේ දීර්ඝ ඉතිහාසයක්. බෙංගාලයෙන් පළමු සංක්‍රමණිකයන් සමුද්‍රීය මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේ මීට වසර 2500 කට පමණ පෙර බව බොහෝ විද්වතුන් විශ්වාස කරනවා. එසේම ක්‍රි.පූ. 6 වන සියවසේ සිට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර වෙළඳ හුවමාරු කටයුතු ප්‍රබල ලෙස පැවතුණු බවත් විශ්වාස කෙරෙනවා. 1971 දී නව දේශයක් බවට පත්වූ බංග්ලාදේශ මහජන සමුහාණ්ඩුව (People’s Republic of Bangladesh) සමඟ මුලින්ම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගත් රටවලින් එකක් වන්නේත් ශ්‍රී ලංකාවයි.
මේ අවස්ථාවේදී බංග්ලාදේශයේ ජනතාව විසින් සමරන ‌‌ඵෙතිහාසික ‌ සිදුවීම් දෙකකි. ඉන් එකක් වන්නේ සියවසකට පෙර සිදුවූ ඔවුන්ගේ ජාතියේ පියා වන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ (Bangabandhu Sheikh Mujibur Rahman) මැතිතුමාගේ උපතයි. දෙවැන්න නම් අඩ සියවසකට පෙර සිදු වූ බංග්ලාදේශයේ උපතයි. මෙම සිදුවීම් දෙකම උත්කර්ෂවත් ලෙස සැමරීය යුතු අවස්ථාවන් වේ.

බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් (Bangabandhu Sheikh Mujibur Rahman) යනු බෙංගාලි ජනතාව, ඔවුන්ගේ භාෂාව සහ ඔවුන්ගේ සමස්ත යහපැවැත්ම වෙනුවෙන් තමාගේ මුළු ජීවිතකාලයම කැප කළ ප්‍රතිපත්ති සම්පාදකයෙකි. 1971 දී බංග්ලාදේශය බිහිවන තුරුම සිය නිදහස් අරගලය නොනවත්වා අඛණ්ඩව කරගෙන යාම ඔහු ගේ අධිෂ්ඨානය විය. එහෙත්, අවාසනාවකට මෙන්, ඔහුට සිය ආදරණීය රට වෙනුවෙන් ගොඩනැගූ සිහින සැබෑ කර ගැනීමට තරම් කාලයක් ජීවත් වීමට හැකි වූයේ නැත.

1975 වර්ෂයේ අගෝස්තු 15 වන දින සිදු වූ දැවැන්ත අහිමිවීමේ වේදනාව මට වැටහේ. එදින ජාතියට සිය නිදහසේ වීරයා සහ පියා අහිමි විය. ඒ අතරම, ආදරණීය දියණියකට සිය මව්පියන් සහ සහෝදර සහෝදරියන් අහිමි විය.

එහෙත් ගරු අගමැතිතුමියනි, අපට යම්තාක් දුරට සැනසීමට කරුණක් වන්නේ විශාල පසුබෑමක් මධ්‍යයේ වුවද, ඔබගේ දක්ෂ නායකත්වය යටතේ බංග්ලාදේශය අඛණ්ඩව සමෘධිමත් විමයි. ඔබේ ගෞරවනීය පියාගේ නාමයට ලබා දිය හැකි වටිනාම ගෞරවය ද එයයි.

බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් තුමාගේ (Bangabandhu Sheikh Mujibur Rahman]) කැපවීමට උපහාරයක් වශයෙන්, බෙංගාලි ගුරු රබීන්ද්‍රනාත් තාගෝර් (Bengali Guru Rabindranath Tagore) විසින් රචිත කවියක කොටසක් උපුටා දක්වන්නම්:

Where the mind is without fear and the head is held high
Where knowledge is free
Into that heaven of freedom, my Father, let my country awake.

මෙම 21 වන සියවසේදී ආසියානු සමෘද්ධිය කෙරෙහි අතිමහත් ‍ අපේක්ෂාවන් සහිත අපගේ නව පරම්පරාවන් නිදහස ලබා ගැනීම සඳහා සිය මුතුන්මිත්තන් කළ අසීමිත පරිත්‍යාගයන් පිළිබඳව දැනුම්වත් විය යුතුය.

අසල්වැසියෙකු හා සමීප මිතුරෙකු ලෙස වැඩි නිදහසක් හා සමෘද්ධියක් අත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමඟ එක්ව සිටී. විශාල අභියෝග මධ්‍යයේ වුවත් ආර්ථික පරිවර්තනය, දරිද්‍රතාවය තුරන් කිරීම සහ තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම යන අරමුණු කෙරෙහි අප ප්‍රධාන ප්‍රමුඛතාව ලබා දී ඇත.

බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් (Bangabandhu Sheikh Mujibur Rahman) ඔහුගේම වචන වලින් කියා සිටියේ “බංග්ලාදේශය බොහෝ සෙයින් සශ්‍රීක රටකි. අප සතුව ඇති සශ්‍රීක භූමි ප්‍රමාණය මෙන් භූමියක් හිමි රටවල් ලොව ඇත්තේ අල්ප වශයෙනි ”

දකුණු ආසියාවේ නැඟී එන ආර්ථික ශක්ති බලාගාරයක් ලෙස බංග්ලාදේශය සැලකේ. එසේම එය මගේ රටට වැදගත් වෙළඳ හා ආයෝජන හවුල්කරුවෙකු ද වෙයි. පසුගිය දශක කිහිපය තුළ අප දෙරට අතර වෙළඳ හා ආයෝජන හුවමාරු වේගයෙන් වර්ධනය වෙමින් පවතී.

කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය තුළ බංග්ලාදේශය ලබා ඇති විශාල දියුණුව ශ්‍රී ලංකාවේ දැඩි අවධානයට බඳුන් වී ඇත. ඩකාහි, සාර්ක් කෘෂිකාර්මික මධ්‍යස්ථානය හරහා ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට අමතරව බංග්ලාදේශය අපගේ කෘෂි ආයතන සඳහා පුහුණුව හා ධාරිතා වර්ධනය සඳහා පහසුකම් අඛණ්ඩව ලබා දෙයි. මෙම ක්‍ෂේත්‍රය තුළ වඩාත් සමීප සහයෝගීතාවයක් බෙදාහදා ගැනීමට මම බංග්ලාදේශ රජයේ මැදිහත්වීම අපේක්ෂා කරමි.

පසුගිය අඩ සියවස තුළ බංග්ලාදේශ ජනතාව දරිද්‍රතාවයෙන් හා ස්වාභාවික විපත් කෙරෙන් ඉවතට ගොස් ඇති සිත්ගන්නාසුලු ගමනක සමෘද්ධිමත් ජාතියකට සාක්ෂි දරයි. මෙම පසුබිම තුළ, මා බංග්ලාදේශ අගමැතිතුමියට, ඔබේ රජය සහ ජනතාවට මාගේ හෘදයාංගම හා අවංක හා උණුසුම් සුබ පැතුම් පිරිනැමීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.