Passport එකට Visa වදින්නට නියමිතයි

පාස්පෝට් කියන්නෙ සිංහල සිනමාවට එන්න තියන තවත් චිත්‍රපටයකි. මෙය ලoකාව, ඉන්දියාව හා ඉතාලි යන රටවල් තුනේම රූ ගත කරන ලද තරමක් දැවැන්ත ගණයේ නිර්මාණයකි.

ජගත් චමිල, ධර්මප්‍රිය ඩයස්, මහේන්ද්‍ර පෙරේරා, දර්ශන් ධර්මරාජ්, මල්කාන්ති ජයසින්හ, නයනතරා වික්‍රමාරච්චි, අතුල ජයසින්හ, රොෂාන් පිලපිටිය, තිස්ස ගුණතිලක, හශිනිකා කරලියද්ද, සුසන්තා චන්ද්‍රමාලි, රින්ස්ලි පෙරේරා, රාජා ගනේෂන් ඇතුලු මෙරට ප්‍රවීන හා නවක නලු නිලියන් රැසක් සමග අප්‍රිකාණු රන්ගනශිල්පීන්ද මෙහි රන්ගනයෙන් දායක වෙයි. එමෙන්ම නයතරාගේ ඔබ නිතර දකින චරිත වලට වඩා හාත්පසින් වෙනස් රන්ගනයක් මෙහි දැක ගත හැක ජගත් චමිල සිනමාවේ චර්තයකට කැපවෙන්නේ කොහොමද කියන කාරනය මහ ඝන ගිනි කාශ්ඨක කාන්තාරය මැදදී පවා ඔප්පුකර පෙන්වයි. ඔහුගේ හැකියාව කැපකිරීම උපරිමයෙන් එලියට ගෙනා චිත්‍රපටයක් ලෙස මෙය හැදින්වූවත් අතිශයෝත්තියක් නොවේ. එය ඔබට ඉදිරියේදී පාස්පෝට් නැරඹීමෙන් සපත කර ගත හැක.

කදුකරයේ ජීවත්වන තරුණයින් දෙදෙනෙකුගේ යුරෝපා සිහිනය වටා ගෙත්තම් උනු මෙම සිනමාපටය බොහෝ බාදක කම්කටලු මැද නිර්මාණය වූවක්. කිසිවකින් නොසැලෙන තරුණ ජවයකින් යුතු අමරේ (ජගත් චමිල) කුඩාකල සිටම ඔහු දකින යුරෝපයට යෑමේ සිහිනය සැබෑකරගැනීමේ ඒකායන අරමුනින්ම කටයුතු කරන අතර ඔහුගේ ප්‍රාණ සරි මිත්‍ර සමන් (ධර්මප්‍රිය ඩයස්) අමරේ කියන ඕනෑම දෙයකට සූදානමින් සිටින අතර ජීවිතේ පිලිබද ගැඹුරින් නොසිතන සැහැල්ලු සෙල්ලක්කාරයෙකි. අමරෙගේ ආදරයම පමනක්ම පතාගෙන ඔහු වෙනුවෙන්ම ජීවත්වන නිලා ( නයනතරා වික්‍රමාරච්චි) තමන්ගේ ආදරය දේවත්වයෙන් අදහමින් ලයින් කාමරයේ අම්මා නැතිව තාත්තාගේ ඇල්ම බැල්මේ හැදී වැඩුන කොස්ලන්ද වත්තේම සිටින රූමතියයි. ඇය කෙරෙහි බැදුනු කෑදර කමකින් යුතුව ඈ වටා කැරකෙන වත්තේ ටී මේකර් ( රොෂාන් පිලපිටිය) කල්යල් බලා ඇය ගොදුරක් කරගන්නට උත්සහා දරයි. කදුකරයේ කොස්ලන්ද මීරියබැද්ද නායයාමත් සමග වෙනස්වන ජීවිත අතරට වැටෙන අමරෙ හා සමන් ගිනි පොලියට සල්ලි ගෙන රහසින්ම බෝට්ටුවකට නගින්නේ ඉතාලි හරහා යුරෝපයට පැනයාමේ අරමුනෙනි. ඔවුන්ගේ බෝට්ටු ගමන කෙලවර වන්නෙ ඉතාලියෙන්ද නැතිනම් වෙනත් කොහේ හෝ තැනකින්ද යන වග චිත්‍රපටය නරඹන ප්‍රේක්ශකයාට ඒත්තු ගන්වන්නේ ඔවුන් පිලිබද අනුකම්පාව මන්ම සිනහවක්ද උපදවමිනි.

කෙසේ හෝ UK යනවා යැයි අරමුණින් සිටින අමරේ සහ සමන්ට කොළඹ කුප්‍රකට ඒජන්සි කාරයකු (මහේන්ද්‍ර පෙරේර) මුනගැසීමත් සමග බලාපොරොතු සපලකරගත හැකි වෙවෙයි. සිය ආදරය දිනූ නිලාගෙන් සහ කදුකරයෙන් සමුගෙන අමරේ සමන් සමග ගුවන් ගතවන්නේ ඉතාලි හරහා uk වලට යෑමේ බලාපොරොත්තවෙනි. දයිවයේ සරදමක් ලෙස ගුවන් තොටුපලේ දී ගලිවර් (දර්ශන් ධර්මරාජ්) මුනගැසෙන්නේ සෑම දෙයක්ම උඩු යටිකුරු කරමිනි. සමන්ට හා අමරෙට uk වලට යාමට හැකිවේද….? මහා වාලුකාවක අතරමන් වන්නට සිදුවේවිද…..? දෙදෙනාටම හෝ එක් අයෙකුට මියයන්නට සිදුවේවිද…..? ගලිවර්ට කුමක් වේවිද …..? අප්‍රිකානු කොල්ලකරුවන්ගේ සම්බන්දය කුමක්ද….. අමරේ මත්තේම නහින්නට හදන නිලාගේ ඉරණම කුමක්ද…. මේසියල්ලටම පිලිතුරු ලැබෙන්නේ පාස්පෝට් රිදී තිරය මත දිගහැරුණු පසුවය.

පාස්පෝට් චිත්‍රපටයේ නිර්මාණ ශිල්පීන්
අධ්‍යක්නය – ක්‍රිස් ඇන්ටනී
නිශ්පාදය – නන්දිත තාබුගල
කැමරා අධ්‍යක්ෂනය – ප්‍රියන්ත මලවිගේ
විශ්වජිත් කරුණාරත්න
රේඛීය නිශ්පාදනය – ලලිත් වරුණ රාජපක්ෂ
කලා අධ්‍යක්නය – අරුණ ඩයස්
ඇදුම් නිර්මාණය – සවන් පවිත්‍ර
සoගීත අධ්‍යක්ෂනය – ඩෙන්සිල් සේනාදීර
අන්ග රචනය – රුචිර සන්ජීව
නිශ්පාදන කළමනාකරණය – R සර්වන් – ප්‍රසාද් ඇන්ටනී
සහය අධ්‍යක්ෂණය – ප්‍රනීත් ගුණරත්න – නිරෝෂන් එදිරිමාන්න – මාලන් හොම්ස්
සන්ස්කරණය – ශාන් අල්විස්
ගීත රචනා – නිලාර් එන් කාසීම් – කැලුම් ශ්‍රීමාල් – ලලිත් වරුණ රාජපක්ෂ
ගීත ගායනය – දුමාල් වර්ණකුල – සුබුද්දි ලක්මාලී – සන්ජුල ගිමන්ත
කැමරා උපකරණ – සුරාන් බෝපිටිය – ඩිල් ෆිල්ම්ස්
තාක්ශණික උපකරණ – FEG – Cinepro
මේ වන විට සoගීත සන්යෝජන කටයුතු කෙරෙමින් පවතින පාස්පෝට් චිත්‍රපටය නුදුරේදීම සිනමාහලේදී දැකගන්නට ලැබේවි.
පාස්පෝට් නිර්මාණයේ තිරය පිටුපස සිද්දි.
#.ජගත් චමිල හා ධර්මප්‍රිය ඩයස් බෝට්ටු අනතුරින් අනූනවයෙන් දිවි බේරාගනී.
#. දින දෙකක් දිල්ලි සිට රාජස්තාන් වලට ගමන
#. ඉන්දීය පකිස්තානු දේශසීමාවේ අවසර නැතුව ඩ්‍රෝන යැවූ හැටි
#. දිල්ලි කාරයින්ට Video Prduction කරන විදිහ කියා දුන් හැටි.
#. බොම්බේ සිට ජේසල්මීර් වලට ආයුද ආපු හැටි
#. ගීත ගයමින්ම ඉන්න කලු ජාතික නලුවො සෙට් එක
#. ඉතාලියේදී ලoකාව සමග on line රූ ගත කළ හැටි

පාස්පෝට් නිර්මාණය කිරීමේදී සිදු වූ විශේෂ මෙන්ම, රසවත් සිදු වීම් තවත් වෙනම ලිපියකින් ඔබට කියන්නට සූදානම්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.