උතුරු කොළඹ, මහවත්ත කොට්ඨාශයේ, කජීමාවත්ත (අතරමැදි නිවාස කදවුර) ප්‍රදේශයේ ඇති වු ගින්නෙන් නිවාස විනාශ වු ජනතාවගේ අවශ්‍යතා සදහා මුල්‍යමය අධාර පිරිනැමීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ගින්නෙන් නිවාස 30 ක් පමණ විනාශ වී ඇති අතර, එම නිවාස නිරීක්ෂණය කළ අමාත්‍යතුමා එම ජනතාව සමග ඔවුන්ගේ අවශතා පිළිබදව සොයා බලන ලදී.
එමෙන්ම නිවාස අහිමි වුවන් වෙනුවෙන් ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය හා ස්ථිර නිවාස ලබාදීමේ හැකියාව පිළිබදව ද මෙහිදි සාකච්ඡා කළේය.
මෙම අවස්ථාවට ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් කැලණි නදී විහාරාධිපති පුජ්‍ය අකුරැස්සේ සාගර හිමියන්, ගරු අධිකරණ අමාත්‍යතුමාගේ සම්බන්ධිකරණ ලේකම් ෆයාඩ් බාකීර් මහතා, උල්පත් උවයිස් මහතා සහ අදාළ කර්තව්‍යයට අනුග්‍රහය දැක්වු පරිත්‍යාගශීලීන් ද සහභාගි විය.