ඇස්ට්‍රාසෙනිකා එන්නත සම්බන්ධයෙන් සිය නිගමනය යුරෝපීය ඖෂධ නියෝජිතායනය මගින් ප්‍රකාශයට පත් කිරීමත් සමගින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්දන එන්නත යළි භාවිත කිරීමට, එම එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබූ යුරෝපා සංගමයට අයත් ප්රමුඛ රටවල් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එන්නත සම්බන්ධයෙන් සිදු කළ සමාලෝචන සහ සාකච්ඡාවලින් අනතුරුව එය ආරක්ෂාකාරී සහ ඵලදායී බවත්, ඇස්ට්‍රාසෙනිකා එන්නත සහ රුධිර කැටි ගැසීම් අතර සම්බන්ධයක් නොමැති බවට තොරතුරු අනාවරණ වී ඇත.
ඒ අනුව පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය අත්හිටවූ ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය යළි එන්නත භාවිතය ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එන්නත යලි භාවිතය ආරම්භ කරන්නේ කවදාද යන්න එක් එක් රටවල් විසින් සිය අභිමතය අනුව තීරණය කිරීමට නියමිතය. ස්වීඩනය එන්නත යළි භාවිතය සම්බන්ධයෙන් තීරණය කිරීමට දින කිහිපයක් අවශ්‍ය වන පවසා ඇත.
ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් පසුගිය දිනවල රුධිර කැටි ගැසීම් වාර්තා වීමෙන් විශේෂඥයින් සහ යුරෝපීය ඖෂධ නියෝජිතායනයේ නිගමන නිකුත් කරන තෙක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට රටවල් කිහිපයක් පියවර ගනු ලැබීය.