තාවකාලිකව අත්හිටවූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත යළි ලබා දීමට ප්රධාන රටවල් කිහිපයක් තීරණය කර ඇත බව විදෙස් වාර්තා පවසයි .
එන්නත සම්බන්ධව ඖෂධ නියාමකයින් නව නිගමනය ඉදිරිපත්වීමත් සමග ජර්මනිය, ප්රංශය , ඉතාලිය සහ ස්පාඤ්ඤය යළි සිය එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමට තීරණය කර ඇත.
එම නියාමකයින් සඳහන් කර ඇත්තේ එන්නත ලබා ගැනිම සහ රුධිරය කැට ගැසීම අතර සබඳතාවක් ඇති බවට මෙතෙක් තහවුරු වි නොමැති බවය.