සිවු වැනි වතාවට ප්‍රතිසංස්කරණය කළ වසර 183ක් පැරණි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු කොළඹ කොටුව යෝර්ක් වීදියේ පිහිටි ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය (Grand Oriental Hotel) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
යහපාලන ආණ්ඩුව සමයේ දී ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය විකිණීම සඳහා ලංසු නිකුත් කරන ලෙස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත.
මේ බව සැලවීමත් සමඟ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටල (GOH) රැක ගනිමින් එය ප්‍රතිසංස්කරණය කොට ජාතියට දායාද කළ යුතු බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබිණි.
ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සෙලෙන්ඩිවා ඉන්වෙස්ට්මන්ට් ආයතන සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව එක්ව ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ සිවු මහල් ගොඩනැගිල්ල මෙසේ ප්‍රතිසංස්කරණය කර ඇත. මේ සඳහා වැය වැයකර ඇති මුදල රුපියල් මිලියන 225කි.
මෙම ගොඩනැගිල්ලට අමතරව කොළඹ නගරයේ තවත් ගොඩනැගිලි කිහිපයක් ඒවායේ පෞරාණිකත්වය සුරැකෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීම අරඹා තිබේ. මේ සියල්ල එක්කොට කොළඹ උරුමය චතුරශ්රයක් ලෙස වෙනම කලාපයක් නම්වනු ඇත.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, ධනසිරි අමරතුංග ඇතුළු පිරිස් එක්ව සිටියහ.