කොළඹ මහනගර සිමාව තුළ කොවිඩ් ව්‍යාප්ත විම තරමක් පාලනයට

කොළඹ මහනගර සිමාව තුළ කොවිඩ් වෛරසය ව්‍යාප්ත විම තරමක් දුරට පාලනය වී ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි පැවසීය.

එසේම අද සිට විශේෂ ගිලන් රථ සේවා මගින් කොළඹ මහනගර සීමා බල ප්‍රදේශයේ පිහිටා ඇති වැඩිහිටි නිවාස වල වැඩිහිටියන් සඳහා කොවිඩ් එන්නත ලබා දිම ආරම්භ කළ බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව සතියකත් තුළදි මෙම වැඩිහිටියන්ට කොවිඩ් එන්නත ලබා දි අවසන් කරන බවද කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි සඳහන් කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.