තමාව පැහැරගෙන ගොස් පහරදී චිප් පතක් ඉල්ලූ බවට සියරට පුවත්පතේ මාධ්‍යවේදියෙක් විසින් පසුගිය දා පැමිණිල්ලක් සිදුකර තිබු නමුත් එය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
ඔහු විසින්ම ඔහුගේ නිවසේදී මේසන් හැන්දකින් ඔහුගේ දෙඅත් පුළුස්සාගෙන තිබෙන බවට පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් පවසන්නේ අදාළ පුද්ගලයා ඉන්පසු ගොස් ඇත්තේ තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි චතුර සේනාරත්න විසින් පවත්වාගෙන යනු ලබන කාර්යාලයකට ගොස් ඇති බවය.
පසුගිය මාර්තු මස 10 වනදා පුද්ගලයින් සිව් දෙනෙකු විසින් තමන් පැහැරගෙන ගිය බවට මෙම මාධ්‍යවේදියා විසින් පොලීසියට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
එම කාර්යාලයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඔහුව හමුවූ බවත් අදාළ පුද්ගලයා පසුව පොලීසියට පාපොච්ච්රණය කර ඇත. ඒ අනුව අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීම සම්බන්ධව එම පුද්ගලයාව මේ වනවිට අත්අඩංගුවටගෙන තිබේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගෙන් සහ චතුර සේනාරත්න මහතාගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිතය.