රජයේ රෝහල් කිහිපයක් සතු ගිලන් රථ වල ටයර් නොමැතිවීම නිසා මේ වන විට එම ගිලන් රථ ධාවනයෙන් ඉවත් කර ඇත. තවත් ගිලන් රථ වල ටයර් ගෙවී ඇති නිසා ධාවනය කරන්නේ අනතුරුදායක ලෙස බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.
එම හේතුව නිසා ඊයේ දිනයේදී ගාල්ල ප්‍රදේශයේ රෝහලකින් රෝගියෙක් වෙනත් රෝහලකට මාරු කිරීමේදී ඇතිවූ ප්‍රමාදයකින් එම රෝගියා මිය ගොස් ඇත.
තවද හදිසි අනතුරකට භාජනය වී කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ආපානශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා තමාට බිම වැතිර සිටීමට නොහැකි බව පවසා නිදා ගැනීමට ඇදක් ඉල්ලා සිටිම හේතුවෙන් අදාල වාට්ටුවේ වෛද්‍යවරයා විසින් අසේල සම්පත් මහතා රාජකාරියට බාධා කල බව පවසා රෝහල් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඒ සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පොලීසිය විසින් අසේල සම්පත් මහතාගෙන් කටඋත්තරයක් ලබාගෙන ඇත. වෛරස් තත්වයක් රටතුළ ඇතිවී තිබෙන මෙම අවස්ථාවේ රෝහල් පද්ධතිය පිළිබද සොයා නොබලන බළධාරීන් විසින් මෙරට රෝගීන්ට සිදුකරනුයේ බලවත් අසාධාරණයක් බවත් ජනාධිපති වහාම රෝහල් පද්ධතිය පිළිබදව සොයා බැලිය යුතු බවට බලධාරීන්ට උපදෙස් ලබා දිය යුතු බව ද රංජිත් විතානගේ මහතා වැඩිදුරටත් පැවුවේය.