පොර්ට් සිටි රුසියාවේ ඉහළම ප්‍රකෝටිපතියන්ගේ අවදානයට

ප්‍රමුඛ රුසියානු ව්‍යාපාරික අධිපති ඇන්ඩ්‍රි මෙල්නිචෙන්කෝ කොළඹ වරාය නගරය නැරඹීමට පැමිණියේය.

ලෝක මට්ටමේ ධනවත් ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන රුසියානු ජාතික අන්ද්‍රේ මෙල්නිචෙන්කෝ මහතා පසුගිය බදාදා කොළඹ වරාය නගරයේ සංචාරයක නිරත විය. ඔහු සමඟ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය දේශපාලනඥයෙකු සහ යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ නිරන්ජන් දේව ආදිත්‍ය මහතා ද එම අවස්ථාවට එක් විය.

ස්වෝත්සාහයෙන් දියුණු වූ ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන මෙල්නිචෙන්කෝ, ස්විට්සර්ලන්තය පදනම් කරගත් දැවැන්ත පොහොර සමාගමක් වන EuroChem සමූහ ව්‍යාපාරයේ සහ රුසියාව පදනම් කරගත් බලශක්ති සමාගමක් වන SUEK හි මහා පරිමාණ ආයෝජනයන් සිදුකර තිබේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වෙත පැමිණි මෙල්නිචෙන්කෝ මහතා ඇතුළු පිරිස එම සමාගමේ සහකාර කළමනාකාර අධ්‍යක්ෂවරුන් වන Yue Yeqing සහ තුල්සි අලුවිහාරේ යන මහත්වරුන් සහ අධ්‍යක්ෂ (විකුණුම් හා අලෙවි) යමුනා ජයරත්න මහත්මිය විසින් සාදරයෙන් පිළිගන්නා ලදි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, එහි වත්මන් ඉදිකිරීම් කටයුතු සහ අනාගත සංවර්ධන සැලසුම් ආදිය සම්බන්ධයෙන් මෙහිදී මෙල්නිචෙන්කෝ මහතා ඇතුළු පිරිසට කරුණු විස්තර කිරීමට එම ව්‍යාපෘතියේ විකුණුම් හා ආයෝජක සම්බන්ධතා පිළිබඳ මෙරට කළමනාකරු රධික ඇල්ලේපොළ මහතා කටයුතු කළේය.

ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැහැදීමෙන් යුතුව අදහස් දැක්වූ මෙල්නිචෙන්කෝ මහතා, මේ වනවිට ඉදිකරමින් පවතින වරාය නගරයේ ක්‍රමෝපායික සැලසුම්කරණය පිළිබඳව සිය ප්‍රසාදය පළකළේ ය.

ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල, අධ්‍යක්ෂ ජෙනරාල් පසන් වනිගසේකර සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන රාජන් බ්‍රිටෝ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.

මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා කොළඹ වරාය නගරය ලොව ප්‍රමුඛ පෙළේ ආයෝජකයන් කිහිප දෙනෙකුගේ අවධානය දිනාගැනීමට සමත් වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකාව නැවත වරක් අනාගත ආයෝජනයන් සඳහා විශ්වාසනීය ස්ථානයක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වෙමින් පවතින බව පෙනී යයි.

ශ්‍රී ලංකා රජය නුදුරේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතියට බලපැවැත්වෙන විශේෂ ආර්ථික කලාප නීතිය හඳුන්වා දීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එම පියවර මගින් ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කෙරේ.

කොළඹ වරාය නගර පිළිබඳව

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යනු වත්මන් කොළඹ මධ්‍යම වාණිජ කලාපයේ දිගුවක් ලෙසින් අලූතින්ම ඉදිවන මූලික ආයෝජනය ඇමරිකානු ඩොලර් 1.4 ක් සහ සමස්ත ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 15 ක් වන නව්‍යතම නගර සංවර්ධන ව්‍යාපෘතියකි. මුහුද ගොඩ කිරීමෙන් බිහිකරන හෙක්ටයාර 269 ක මෙම අලූත්ම භූමි ප‍්‍රමාණය වත්මන් කොළඹ වාණිජ කලාපයට සහසම්බන්ධීය කෙරේ. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, මූල්‍ය කලාපය, මධ්‍යම උද්‍යාන වාසය, ජාත්‍යන්තර දිවයින, යාත‍්‍රාංගනය හා දූපත් වාසය ලෙස අනු කලාප 5 කින් නිර්මිතයි. ඉදිකිරීම් අවසන් වූ විට කොළඹ වරාය නගරය, වර්ග මීටර මිලියන 5.7 ක් වූ භෞමික අවකාශයක නිර්මාණය වුණු ලොව උසස්ම මට්ටමේ ශ්‍රේණිගත කාර්යාල සංකීර්ණ, අති නවීන සෞඛ්‍ය සේවා, ප‍්‍රමිතිගත අධ්‍යාපන සේවා පහසුකම්, බහුවිධ සේවා පහසුකම්, සැහැල්ලූ යාත‍්‍රාංගණ, සුපිරි සාප්පු සංකීර්ණ, හෝටල් සහ විනෝදාස්වාදය සැපයීම සඳහා වෙන්වුණු විශේෂිත පහසුකම් වලින්ද සමන්විතයි. නූතන පරිසර හිතකාමී තිරසාර නගර සංකල්පය සහ සුහුරු නගර සංකල්පය අනුව ඉදිවන කොළඹ වරාය නගරය දකුණු ආසියාවේම කේන්ද්‍රීය මධ්‍යස්ථානය වනු ඇත.

ර්ධනයකි. එහි මූලික ආයෝජනය ඩොලර් බිලියන 1.4 ක් වන අතර එය අවසන් වූ විට ඩොලර් බිලියන 15 ක සමස්ත ආයෝජනයක් අපේක්ෂා කෙරේ.

හෙක්ටයාර් 269 ක් පුරා පැතිරී ඇති මෙය වර්තමාන මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයට සම්බන්ධ මුහුදු ගොඩකිරීමේ ව්‍යාපෘතියකි. පෝර්ට් සිටි කොළඹ ප්‍රාන්ත පහකින් සමන්විත වේ. පෝර්ට් සිටි කොළඹට වර්ග මීටර් මිලියන 5.7 ක ඉඩ ප්‍රමාණයක් ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර, ඒ ශ්‍රේණියේ ඒ කාර්යාල, වෛද්‍ය පහසුකම්, අධ්‍යාපන පහසුකම්, ඒකාබද්ධ නිකේතනයක්, මරීනා, සිල්ලර ගමනාන්ත, හෝටල් සහ වෙනත් දේවල් රාශියක් ඇතුලත්ය.

නවතම තිරසාර නගර සැලසුම් සහ ස්මාර්ට් සිටි සංකල්ප භාවිතා කරමින් පෝට් සිටි කොළඹ දකුණු ආසියාවේ කේන්ද්‍රස්ථානය වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.