ටැන්සානියාවට නව ජනාධිපතිවරයෙක්

61 හැවිරිදි වියේ පසුවූ ටැන්සානියාවේ ජනාධිපති ජෝන් මගුෆුලි හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බව ටැන්සානියාවේ උප ජනාධිපතිනි සමියා සුලුහු හසන් ප්‍රකාශ කර ඇත.

ජනාධිපති ජෝන් මගුෆුලිගේ අභාවය හේතුවෙන් ටැන්සානියාවට සති දෙකක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. ටැන්සානියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව උප ජනාධිපතිනි සමියා සුලුහු හසන් එරට නව ජනාධිපතිනිය ලෙස දිව්රුම් දීමට නියමිතය.

දෙසතියකට වැඩි කාලයක් ජෝන් මගුෆුලි ජනතාව හමුවේ පෙනී සිට නොමැති අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කටකතා පැතිරෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය පවසයි.

ටැන්සානියාවේ විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් පවසන්නේ ඔහුට කොරෝනා වෛරසය වැළඳී තිබුණේදැයි සැක පවති. ඒ බව මෙතෙක් තහවුරු වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.