රූපවාහිනී මහගෙදර සෞඛ්‍යාරක්ෂිතයි

බොහෝ පැතිරෙමින් යන කතා අසත්‍ය බවත් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සෞඛ්‍යාරක්ෂිත බවත් එහි විධායක අධ්‍යක්‍ෂක නලීන් නිශ්ශංක මහතා පවසයි. කොරෝනා අසාදිත සේවක මඩුල්ල වෙමින් ITN කොරෝනා පොකුරක් ඇතිවීමේ ඉඩකඩක් එතුල නිර්මාණය වී ඇති බවට පැතිරෙන කතා සම්බන්දයෙන් කලම්බෝ ගැසට් අප කල විමසුමට පිළිතුරු දෙමින් ඔහු ඒ බව පැවසුවේය.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය කොරෝනා ව්‍යසනය හමුවේ ජනතාවට සත්‍ය තොරතුරු නිරන්තරයෙන්ම සැපයීමට වගකීමෙන් යුතුව කටයුතු කල බවත් පුවත් විකාශනයෙන් පමණක් නොනැවතී කොරෝනා ව්‍යවසනය හමුවේ අපහසුතාවට පත් ජනතාවත් විශේෂයෙන්ම කලාකරුවනුත් උදෙසා කළ සමාජ මෙහෙවර සමස්ත රටවැසියාගේම ඇගයීමට ලක්ව ඇති බව ද ඔවුන් පවසයි.

එමෙන්ම ස්වාධීන රූපවාහිනියේ සේවකයන්ගේ පමණක් නොව ආයතනය වෙත එන සෑම කෙනාගේම ආරක්ෂාව උදෙසා පුළුල් සෞඛ්‍ය වැඩපිළිවෙළක් කොරෝනා ආරම්භයේ සිටම අනුගමනය කළේ විධිමත් උපදෙස් අනුවම බවද ඔහු පෙන්වා දෙයි.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මේ වන විට කොරෝනාව හේතුවෙන් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවන් වල සංසරණය වන පුවත් ගැන අප වගකිවයුතු මාධ්‍යයක් හැටියට සත්‍ය කරුණු හෙළිදරව් කළ යුතුමය.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා ඇතුළු නිලධාරී මණ්ඩලය, සමස්ත සේවකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව උදෙසා උපරිමයෙන්ම නිරන්තරයෙන්ම කටයුතු කරමින් සිටින බව කොයි කාටත් නොරහසකි. පසුගිය වකවානුව තුළ පහළටම ඇද දමා තිබුණු ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය අද ඉහළම තලයකට පැමිණ ඇති බව ස්වාධීන රූපවාහිනී සේවය පවසයි.

එවන් තත්ත්වයක් තුළ ඒ ගමන කඩාකප්පල් කරන්නට කවුරුන් උත්සාහ කළත් එය මොනම ආකාරයකින්වත් ඉටු නොවන සිහිනයක් බවද වගකීමෙන් යුතුව අප අවධාරණය කරන්නෙමු. ඵල ඇති රුකට ගල් වදින්නා සේ දිනෙන් දිනම ජනප්‍රසාදය ලබමින් අංක එක කරා යන අපේ ගමන වළක්වන්නට කවුරුන් උත්සාහ කළත් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ආදරය ඇති සමස්ත සේවකයනුත්, රටේම ප්‍රේක්ෂක ජනතාවත් සමග අපි අපේ ගමන ජනතාවාදීවම ඉදිරියටම යන්නෙමු. යනුවෙන්ද ස්වාධීන රූපවාහිනී සේවය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.