එන්නත් කර පැමිණෙන අයගේ නිරෝධායනය ලිහිල් කිරීමට පියවර

කොරෝනා මර්දන එන්නතකින් මාත්‍රා දෙකම එන්නත් කර දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, සංචාරකයින් ඇතුළු සියළු දෙනා සදහා උපදෙස් මාලාවක් අද දිනයේ නිකුත් කිරීමට නියමිතය. ඒ අනුව එන්නත් දෙකම ලබාගෙන දින 14කින් පසු දිවයිනට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාලසීමාව අඩු කිරීමටයි සෞඛ්‍ය අංශවල අවධානය යොමුව ඇත.

නිරෝධායන ක්‍රියාවලිය සමාලෝචනය කරමින් සිටින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේලා ගුණවර්ධන මහතා පැවසීය. නිරෝධායනය සඳහා වෙන් කර ඇති දින ගණන ඉක්මනින් සංශෝධනය කරන බව වෛද්‍ය ගුණවර්ධන මහතා පැවසීය. මේ අතර, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එන්නත් දෙකම ලබාගෙන සති දෙකක කාලයක් ඔවුන්ගේ උපන් ස්ථානවල ගත කර ඇති අයට පීසීආර් පරීක්ෂණවලින් පසු කෙලින්ම ශ්‍රී ලංකාවට පැමිණ සිය නිවෙස් බලා යාමට අවසර දෙන බවය.

අදාළ උපදෙස් මාලාව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද නිකුත් කිරීමට නියමිතය. බොහෝ රටවල් මේවනවිට එන්නත් ලබාගත් සංචාරකයින්ට නිරෝධායනය කාලසීමාවකින් තොරව සිය රටවලට ඇතුළුවීමට අවසර ලබාදී තිබේ.

මේ අතර මේ දිනවල වයස අවුරුදු 60 වැඩි කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල පුද්ගලයින් සදහා එන්නත් කිරීමේ කටයුතු සිදු කෙරෙන අතර මේ වනවිට එන්නත් කර ඇති මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව හත්ලක්ෂ 96,000 කට අධිකය.

එසේම කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල පූර්ව සැලසුම්ගත අයුරින් කොරෝනා මර්ධන එන්නත්කරණ කටයුතු ක්‍රියාත්මක බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය. කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සඳහා එහි දෙවන මාත්‍රාව නියමිත පරිදි ලබන අප්‍රේල් මාසයේදී ලබාදිමට හැකි වනු ඇති බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය. පීසීආර් පරීක්ෂණයකින් පසු එන්නත් ලබා ඇති අයට ශ්‍රී ලංකාවේ නිදහසේ සංචාරය කිරීමට ඉඩ ලබා දීමේ යෝජනාව සලකා බලමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය (එස්එල්බීඑෆ්ඊ) විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන සඳහා ද හමුදාව ආරක්ෂාව සපයන බව ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. එම මධ්‍යස්ථානවල විදේශිකයන් 3600 කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනය කිරීමට නියමිතය.

නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාතික සෞඛ්‍ය අධිකාරිය විසින් මෑතකදී සෞඛ්‍ය බලධාරීන් සමඟ පැවති රැස්වීමකදී ප්‍රධාන යෝජනා තුනක් ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නව වර්ධනයන් සිදුවිය.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මීට පෙර කොළඹ ගැසට් පත්‍රයට පැවසුවේ කෝවිඩ් සම්බන්ධ කරුණු පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.