වී තොග සඟවාගෙන සිටින අතරමැදියන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ගොවින් නොවන වී තොග සඟවාගෙන සිටින අතරමැදියන්ගේ වී තොග රජයට පවරා ගැනීමට වැඩ පිළිවෙලක් සකස් කිරීමට තීරණය කර ඇතැයි ද ඒ මහතා පැවැසීය.
වී තොග සඟවාගෙන සිටින ගබඩා කඩා දමා එම වී රජයට පවරා ගන්නා බව ද ඇමතිවරයා කියා සිටියේය.
ගොවීන්ට සහ වී මෝල් හිමියන්ට තම වී තබා ගැනීමට ඉඩ ලබා දෙන නමුත් අතරමැදියන් වී සඟවාගෙන සිටින්නේ නම් ඔවුන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.
ඒ සදහා වැඩපිලිවෙලක් සැකසීමට කැබිනට් මණ්ඩලය වෙළඳ අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
මෙහිදී මහින්දානන්දඅමාත්යවරයා සඳහන් කරන්නේ මෙවර මහ කන්නයේදී ද විශාල වී අසවැන්නන් ලැබීමට නියමිත බවත් දැනට රටේ සහල් අතිරික්තයක් පවතින බවත්ය.
මේ තත්ත්වය මත ඉදිරි මාස 6ක කාලය තුළ කිසිසේත්ම සහල් මිල ඉහළ යා නොහැකි බවත් රට තුල දැනට ක්‍රියාත්මක වන සහල් මාෆියාවක් බවත් ඔහු පවසයි.