නාසා ආයතනයේ පර්සිවියරන්ස් රෝවරය මගින් අඟහරු ග්‍රහයා පිළිබඳ නවතම තොරතුරු මේ වන විට අනාවරණය කර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.
මිට වසර බිලියන ගණනකට ඉහත දී අගහරු ග්‍රහයා මතුපිට තිබූ ජලය ඉන් අතුරුදන් වූ ආකාරය පිළිබඳ පර්යේෂකයන් විද්‍යාත්මක මත කිහිපයක්ම ඉදිරිපත් කර ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් වේ.
පෘථිවියට මෙන් අගහරු ග්‍රහයාට ශක්තිමත් චුම්භක ක්ෂේත්රයක් නොතිබීම හේතුවෙන්,ග්‍රහයා මත තිබූ ජලය මතුපිට පෘෂ්ඨයට ඛනිජ ලෙස තැන්පත් වීමට අමතරව ඉන් පිටත අභ්‍යවකාශයට ද ගමන් කරන්නට ඇති බවටයි,විද්‍යාඥයින් දැන් විශ්වාස කරයි.
එම සාධක අතුරින් වඩාත් පිළිගැනීමක් හිමිව ඇත්තේ, රතු ග්‍රහයා මත තිබූ ජලයෙන් වැඩි ප්‍රමාණයක් එහි මතුපිට පෘෂ්ඨයේ තැන්පත් වී ඇති බවටයි. ඒ අනූව, ජලය ඛනිජ ස්වරූපයකින් ග්‍රහයාගේ පෘෂ්ඨයේ පවතින බවට විද්‍යාඥයන් විශ්වාස කරයි. මීට වසර බිලියන 4කට පමණ පෙර අගහරු ග්‍රහයා උණුසුම් සහ තෙත් ග්‍රහයෙක් ලෙස පැවති බවට හෙළි වී ඇත.