අසාත් සාලි CID අත්අඩංගුවට

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා අද (16) පස්වරුවේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් අසත් සාලි මහතා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඔහු විසින් මෑතක දී සිදු කරන ලද ප්‍රකාශයකට විරුද්දව ලැබී ඇති පැමිණිලි මත මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.

“මුස්ලිම් නීතිය වෙනස් කිරීමට කිසිවෙකුටත් නොහැකි බව” ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා විසින් පසුගිය (09) වැනිදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අසාද් සාලි මහතා, මෙසේද පවසා තිබේ “ඔළුවට ජාතිවාදය ගැහැව්වාම ඉතින් එනවා මුස්ලිම් නීතිය අල්ලගෙන. මුස්ලිම් නීතිය කවුරු වෙනස් කළත් අපි වෙනස් කරන්නෙ නැහැ.

අපේ නීතිය අපිට. ඔයගොල්ලන්ගෙ නීතිය ඔයගොල්ලන්ට. ඒවා හරි වැරදි බලන්නෙ අපි. අපිට කුරාණයයි, හදීෂයයි, ශර්යායි තමයි අපේ නීති රීති නම් අපි ඒකට ගරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නෙ නෑ.

රජයේ නීතිය රජයට, රටට. ඒ හැරෙන්න අපිට වෙන නීතියක් නැහැ. අපි ඒක තමයි ගරු කරන්නේ. අපි ඒක පිට තමයි ජීවත් වෙන්නෙ.

මෙච්චරකල් අවුරුදු 73ක් නිදහස හම්බවෙලා තිබුණ නීතිය ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආවා කියලා වෙනස් කළා කියලා අපිව වෙනස් කරන්න බැහැ.

අපේ නීතිය අපිට. කැන්ඩි නීතිය නුවර කට්ටියට. කේසලහම් නීතිය යාපනේ අයට. ඒ නීති රීති එහෙම්මම තියෙනවා. ඒවා වෙනස් කරන්න බැහැ. වෙනස් කෙරුවා කියලා අපිව වෙනස් කරන්න පුළුවන්ද බෑ.

අර සල්ලි තියෙන මිනිහා 4ක් බැන්දහම තියෙන ප්‍රශ්නෙ මොකද්ද?. හතරක් බඳින්නෙ හතරම එක විදිහට තියාගන්න පුළුවන් මිනිහා. ඒකට පිටින් නීති ගෙනල්ලා අලි සබි්‍ර බිලිබෝඩ් කරන්න එපා” යැයි පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.