ඇස්ට්‍රාසෙනෙකා එන්නත සමඟ ලංකාව ඉදිරියට

මෙරට තුළ භාවිත වන ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ ගැටලුකාරී තත්ත්වයක් නොමැති බව රජය පවසයි.

අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ එම එන්නතේ එක් කාණ්ඩයක් පමණක් මේ වනවිට රටවල් කිහිපයක භාවිතය අත්හිටුවා ඇති බවය.

එම කාණ්ඩයට අයත් කිසිදු එන්නතක් ශ්‍රී ලංකාවට ලබාදී නොමැති බැවින් කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමේදී ජනතාව කිසිදු බියක් ඇති කරගත යුතු නොවන බව රමේෂ් පතිරණ අමාත්‍යවරයා සඳහන් කළේය.

රුධිර කැටි ගැසීම් වලට ඇති බිය නිසා යුරෝපීය රටවල් ගණනාවක් මෑතකදී ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා COVID-19 එන්නත භාවිතය අත්හිටුවා තිබේ. ඇතැම් යුරෝපීය රටවල අත්හිටුවා ඇති එන්නත් මාත්‍රාව ශ්‍රී ලංකාවට නොලැබෙන බව අමාත්‍ය රමේෂ් මහතා පැවසීය.

එබැවින් එවැනි වාර්තා වලට බිය නොවී සන්සුන්ව සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා සහතික විය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ලබා දෙන එන්නත් පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවට තවත් එන්නත් කාණ්ඩයක් ළඟදීම ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

රටේ COVAX එන්නත වැඩසටහන යටතේ ප්‍රමුඛතාවය ලබා දී ඇති වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට එන්නත් ලබා දීම සඳහා දැනට පවතින මාත්‍රා කාණ්ඩය භාවිතා කරන බව ඔහු පැවසීය. ඉදිරි මාස දෙක තුන ඇතුළත වෛරසය පැතිරීම පාලනය කිරීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍ය රමේෂ් මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.