කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 5ක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් 29 සහ 37 හැවිරිදි වියේ පසුවන, කොළඹ 02 සහ කොළඹ 12 යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර හෙරොයින් වෙනුවට අයිස් මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ ප්‍රවණතාවයක් මේ වනවිට දැකගන්නට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.