මෙරට මෝල් හිමියන් සහල් සඟවා වැඩි මිලට විකිණීමට උත්සාහ කළහොත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සිදුවන බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර ඇති කර ගන්නා ගිවිසුමකට අනුව මෙම සහල් තොග ආනයනය සිදුවෙන බව අමාත්‍යවරයා පවසයි.
මෙරට ප්‍රධාන මොල් හිමියන් රජයේ පාලන මිල නොසලකා කටයුතු කරන්නේ නම් සහල් ආනයනය කිරීම හැර වෙනත් විකල්පයක් නැති බවද ඔහු සඳහන් කරයි.
බොහෝ දුරට එළැඹෙන සිංහල අලුත් අවුරුදු සමයේ දී ඉන්දියාවෙන් පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට රජය සුදානම් වෙයි.
මෙලෙස ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන සහල් සමුපකාර සහ සතොස හරහා පාරිභෝගිකයින්ට ලබා දෙන අතර තවත් සහල් තොගයක් තොග වෙළදුන්ටත් ලබා දීමට රජය සුදානම් වෙයි.