යුරෝපා රටවල් තුළ කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලත් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. සංඛ්‍යාත්මක වශයෙන් නව ආසාදිතයින් වාර්තා වීම ප්‍රංශය හා ඉතාලිය තුළ ශීඝ්‍ර වෙනසක් පෙන්වන බවද සදහන් වේ.
ප්‍රංශය තුළ ගත වූ පැය 24 තුළ දී 26,346ක නව ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබිණ. එම සංඛ්‍යාවත් සමග ප්‍රංශය තුළ හතළිස් ලක්ෂ 71,000කට වැඩි අගයකින් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස තිබේ.
ඉතාලිය තුළ ද ඊයේ දිනයේ දී නව ආසාදිතයන් 21,315 දෙනෙක් වාර්තා වූ අතර මේ වන විට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව තිස් දෙලක්ෂ 23,000 ඉක්මවා ඇති බව වාර්තා වෙයි.
බ්‍රිතාන්‍ය,ප්‍රංශය,ඉතාලිය වැනි යුරෝපානු රටවල් තුළ කොරෝනා වෛරසය මගින් නැවතත් ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ. මෙයට ප්‍රධාන වශයෙන් නව වෛරස ප්‍රභේද ඇතිවී තිබීම හා යහපත් සෞඛ්‍ය පුරුදු තුළින් ඉවත් වීම වැනි සාධක බලපා ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙන බව ද විදෙස් වාර්තා පවසයි.