අධ්‍යක්‍ෂවරුන්ගේ නම් විකුණන මංකොල්ලයක්

අශන්ති වරුනසුරිය

මෙරට සම්මානනීය චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු ගේය පදරචකයකු, සාහිත්‍යවේදියකු මෙන්ම විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට නැණස පෑදු ආදරණිය ගුරුවරයෙකු ද වන මහාචාර්යවරයකු වන සුනිල් ආරියරත්න මහතාගේ නමින් වෙනත් පුද්ගලයකු කලාකරුවන් රැවැට්ටීමේ ප්‍රයත්නයක නියැළී සිටින බැවින් එවන් දේ වලට නොරැවටෙන ලෙස මහාචාර්ය සුනිල් අරියරත්යන් පවසයි.

මේ දින වල කලාවේ කතා කෙරෙන මාතෘකා අතර විශේෂයෙන්ම ඇස ගැටෙන්නේ විවිධ මංකොල්ලයන් ගැනය. ගීත මෙන්ම නම් මංකොල්ලයන් සම්බන්දයෙන් ද දැඩි කතා බහක් යන වකවානුවක ජනප්‍රිය පුද්ගල නම් මංකොල්ලකෑම් ගැනද වාර්තා වේ.

මේ ගැන කලම්බෝ ගැසට් අප සමඟ අදහස් බෙදා ගනිමින් මහාචාර්ය සුනිල් පැවසුවේ, මේ දින වල තමන්ගේ නිර්මාණ මෙන්ම නමත් කොල්ලකන බවත් නමත් බේරගෙන නිර්මාණත් බේරගෙන ජීවත් වෙන්නේ කොහොම ද යන්න ගැටළුවක්වී ඇති බවය. සිය කිර්ති නාමයට මෙන්ම ජිවිතයටද තර්ජනයක් වෙමින් තිබෙන මෙම ගැටළුව සම්බන්දයෙන් මෙතෙක් පියවරක් නොගත්තත් මින් ඉහතදී දමා ඇති පැමිණිල්ල නැවත අලුත් කිරීමට සුනිල් ආරියරත්නයන් බලාපොරොත්තු වේ.

අවසානයේදී මහාචාර්ය සුනිල් සියල්ලන්ගෙන් ඉල්ලූ ඉල්ලමකි. “මම මෙහිදී බැගැපත්ව ඉල්ලන්නේ මෙවැනි මානසික ලෙඩ්ඩුන්ට අහුවෙන්න එපා කියලයි. මේ පිළිබඳව නැවත පොලිසියට පැමිණිල්ලක් දාන්න මා බලාපොරොත්තු වෙනවා. මේ රටේ සිටින තරුණ තරුණියන් මේ මානසික ලෙඩාට රැවටෙන්න එපා කියලා මම ආයාචනා කරනවා.”

මෙවැනි දේ සිදුවූ පළමු අවස්ථාව මෙය නොවේ. මින් ඉහතදී සහාය අධ්‍යක්ෂවරයෙක් වන ඩොනල්ඩ් ජයන්ත, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරියට ද මෙවැනිම සිදුවීම් සිදු විය.

මෑතම සිදුවීමක් ගැන තව දුරට සදහන් කරනවා නම් ඒ ප්‍රවීණ අධ්‍යක්‍ෂකවරයකු සාහිත්‍යවේදියකු වන සංජය නිර්මාල් ය. ඔහුගේද නම සඳහන් කරමින් තරුණියන්ට කතා කර විවිධ අල්ලස් ඉල්ලූ පුද්ගලයින් මෙන්ම ඔහුගේ නම විකුණමින් මුදල් ලබා ගත් අයද වෙති.

මේ ගැන අප කල විමසීමට පිළිතුරු දෙමින් සංජය නිර්මාල් පැවසුවේ මෙවැනි අත්දැකීම් තමන්ට බහුල බවය. අදාල මානසික උන්මත්තකයින් මෙන්ම මංකොල්ලකරුවන් ගැන විමර්ශනයේදී ඔවුන් සමීපතයින් බවට අනාවරණය කර ගැනීමට හැකි වූ බවද ඔහු සඳහන් කළේ දැඩි කලකිරීමෙනි. තම නම සඳහන් කරමින් මුදල් ලබා ගත ජාවාරම් කරුවන්ද සිටි බවත් මෙවැනි සිදුවීම් ඉදිරියේදීද සිදුවිය හැකි බවත් ඔහු පැවසුවේය.

එසේ අනාවරණය කර ගැනීමට හැකිවූ පුද්ගලයින් මෙන්ම අනාවරණය කර ගැනීමට නොහැකිවූ සිදුවීම්ද ඔහුගේ ජිවිතයේ වේ. එමෙන්ම මේවාට නීතියෙන් නම් කිසිදු විසඳුමක් නොලැබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

කෙසේවෙතත් මේ වන විට ශේෂ්ත්‍රයේ සිදු වෙමින් පවතින විවිධ මංකොල්ලයන් ගැනද අදහස් දක්වමින් සංජය නිර්මාල් මහතා පැවසුවේ සියල්ල දිට්ඨධම්ම වේදනීය කර්මයට අනුව සිදුවන බවත් අපි සියල්ල අපේ යැයි සිතමින් අල්ලන් සිටියත් සියල්ල අනිත්‍ය බව බොහෝ පිරිස් තේරුම් ගත යුතු බවත්ය. හැමෝම හැමෝගෙම දේවල් විකුණන වටපිටාවක අප ජිවත් වන බව ද ඔහු මතක් කළේ ඊට අදාළ සිදුවීම් කිහිපයක්ද උදාහරණ ලෙස ගෙන හැර දක්වමිනි.

කෙසේවෙතත් සුදු පිරුවට යට සර්පවිෂ ගැන්වූ ලෝකය ගැන මනා අවබෝධයෙන් කටයුතු කිරීම ඔබ සතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.