තවත් කොවිඩ් මරණයක්

තවත් කොවිඩ් මරණයක් වාර්තා වීමෙන් මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 527ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එලෙස මිය ගොස් ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔහු මාතර මුලික රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා ඇත. එම රෝහලේ දී අද (14) ඔහු මිය ගොස් තිබේ. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම, බහු ඉන්ද්‍රීය අක්‍රීයවීම සහ කොවිඩ් නියුමෝනියාව වේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 140 දෙදෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇත. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 282කි.

ඒ අනුව මෙරටින් හමුවු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 87,882ක් දක්වා ඉහළගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.